විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන දිනය පිළිබඳ තීරණය කිරීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද()9) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
අද උදෑසන (10)ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීඹට නියමිතය.
සමගි ජනබලවේගය විසින් අදාල විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම දැනට රටතුල මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සහ පසුගිය 06 පාර්ලිමේන්තුව තුල ඇතිවු සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය. සමගිජනබලවේගයේ මන්ත්‍රීවරුන් පසුගිය සිකුරාදා වේත්‍රධාරියරයාට පහරදි සෙංකෝලය උදුරාගැනීමට උත්සහ දැරු බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදි පක්ෂ නායකයින් අවධානයට යොමු කරනු ඇත.
මේ අතර පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින් පූවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇතිබවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.