22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රටපුරා ව්‍යාප්ත වී ගිය ප්‍රචණ්ඩ සිදුවීමි මාලාව කිසිදු සත්‍ය හා යුක්ති ගරුක...

රටපුරා ව්‍යාප්ත වී ගිය ප්‍රචණ්ඩ සිදුවීමි මාලාව කිසිදු සත්‍ය හා යුක්ති ගරුක පුරවැසියකුට අනුමත කළ හැකි නොවේ.43 සේනාංකය

මැයි මස 09 වන දින රටපුරා ව්‍යාප්ත වී ගිය ප්‍රචණ්ඩ සිදුවීමි මාලාව කිසිදු සත්‍ය හා යුක්ති ගරුක පුරවැසියකුට අනුමත කළ හැකි නොවේ. එහෙත් එම සිදුවීම් වලට කුසගින්නේ පෝලිම්වල ලගිමින් ජීවන බරින් හෙම්බත්ව සිිටි ජනයා ඇද දැමීමේ වගකීම මුලුමණින්ම දැරිය යුත්තේ දේශපාලන බලය දැරීම සඳහා තිබිය යුුතු අවම සදාචාරයවත් තමන් සතුව නැති බව නිරුවතින්ම පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ  පොහොට්ටුවේ පාලක කල්ලිය බව අපි එකහෙළාම ප්‍රකාශ කොට සිටිමු.

පොහොට්ටුව ලෙස සංවිධානය වී සිටින්නේ මුග්ධ පාදඩ බලවේගයක් බව අප සංවිධානය පෙන්වා දුන් සත්‍යය අරලිය ගහ මන්දිරයට අගමැති වරයා කැඳවූ රැස්වීමෙන් හා ඉන්පසු ඇති වූ සිදුවීමි වලින් තවත් වරක් පැහැදිලි විය. එම රැස්වීම කැඳවා තිබුනේම ගාලු මුවදොර ක්‍රියාත්මක වෙම්න් තිබූ අවිහිංසාවාදී පුරවැසි උද්ඝෝෂණය තලා පෙලා පොඩි පට්ටම් කරදැමීමේ දුෂ්ට අරමුණින් යුක්වය. ඒ වෙනුවෙන් පොහොට්ටුවේ ප්‍රාදේශීය පාදඩ මැර දේශපාලන නඩයට අමතරව තවත් කුලී මැරයන්ද බන්ධනාගාර සිරකරුවන්ද රැගෙන විත් තිබිණි. මත් පැන් වෙළෙන්දකු ලෙස කුප්‍රකට වී සිටින රාජපක්ෂලාගේ ගජමිතුරකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් පාදඩ දේශපාලනඥයා පහර දිම සඳහා ආරම්භක සඥාව ලබා දුන්නේ අගමැතිවරයා ළඟ තබාගෙනය. ඒ අනුව මේ පහර දීම අගමැතිවරයාගේ පූර්ණ අනුදැනුම හා සංවිධානය මත සිදුවූවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙයින් මේ තිරිසන් මැර ප්‍රහාරයටත් එයට ප්‍රති ප්‍රහාරයක් ලෙස කෝපාවිෂ්ට ජනතාව කෙරෙන් එල්ග වූ ප්‍රචණ්ඩ ක්‍රිවා මාලාවටත් මුලුමණින්ම වගකිව යුත්තේ රාජපක්ෂ ආණ්ඩුවය.

රාජපක්ෂ පාදඩ දේශපාලනය පරාජය කළ හැක්කේ රාජපක්ෂලාට උරුම පාදඩ දේශපාලන සංස්කෘතියද පරාජය කිරීමෙනි. එහෙයින් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

දැන් රටේ ආණ්ඩුවක් නැත. රට අරාජිකත්වයට නොවැටී ගොඩ නැගීම සඳහා පාර්ලිමේන්තුව සතු වගකීමක් ඇත. මහ මැතිවරණයක් පවත්වන තුරු තාවකාලික ආණ්ඩුවක් පත්කර ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු තළ යුතුය. ජනාධිපතිවරයා ඒ සඳහා පියවර ගත යුතුය. තාවකාලික ජනාධිපතිවරයකු පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට ඉඩ දී ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතුය. මහින්ද රාජපක්ෂ අගමැති වරයා ඉවත් වූ සැණින් රාජපක්ෂ ක්‍රමය පරාජය වන්නේ නැත. ජනාතාවගේ ඒ සඳහා ජනාවගේ අවිහිංසාවාදී නැගිටීම තවත් තීව්‍ර විය යුතු අතර එය මුළුමණින්ම නිර්ප්‍රණ්ඩ මැදිහත්වීමක්  ව්යු යුතු අතර අන්තර්වාර ක්‍රියාමාර්ගයකට එවැනි නිර්ප්‍රචණ්ඩ ජනතා මැදිහත්වීමක පිටුබලය ලැබිය යුතු බව 43 සේනාංකයේ ස්ථාවරයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments