අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට සහ ගාලු මුවදොරදී නිරායුධ සිවිල් වැසියන්ට ප්‍රහාරයක් එල්ල කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කරයි.
ඒ් සංගමය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය , වෛද්‍ය සමත් ඩි. සමත් ඩී ධර්මරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කරුණු දක්වා සිටියි. රජයේ ආධාරකරුවන් පිරිසකගේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ රෝගීන් 100කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත. මෙම ප්‍රහාරකයන් පොලු මුගුරුවලින් සන්නද්ධව සිටි අතර, එයින් ඇඟවෙන්නේ ප්‍රහාරය කලින් සැලසුම් කළ එකක් බවයි. පසුගිය වකවානුවේ දී සිදු වූ සමාන සිදුවීම්වලට සාපේක්ෂ ව මෙම සිද්ධියේ දී සිදු වූ තුවාල වඩා බරපතල තත්ත්වයේ විය.
දැඩි පිළියම් නොගතහොත් ඉදිරි දිනවලදී තවත් මෙවැනි ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වීමට ඉඩ ඇත.
ප්‍රචණ්ඩත්වය දිගටම පැවතුනහොත් සහ රෝගීන් වැඩි සංඛ්‍යාවක් රෝහල්වලට ඇතුළත් කළහොත් සෞඛ්‍ය සේවයට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරමින් ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍ය හිඟය ඉහළ යා හැකිය. සැලසුම් කර ඇති අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා ජනතාව තවත් පීඩාවට පත් විය හැකිය. සාමකාමීව රට පාලනය කිරීමේ හැකියාව ආණ්ඩුවට අහිමි වී ඇති බව ද පෙනී යයි.
එබැවින් ජනතාවගේ කැමැත්තට හිස නමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී. එලෙස ම අප මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ විරෝධතා සාමකාමීව සිදු කරන ලෙසයි.