28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජනබලවේගය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත බාර දුන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වය භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමේ හැකියාව ඇත.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මෙලෙස පෞද්ගලික මන්ත්‍රී පනත් පනත් කෙටුම්පත් කථානායකවරයා වෙත බාර දුන්හ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධන සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට පසුගියදා පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා සාමාජිකයන් රැස්වූ අවස්ථාවේදී තීරණය කළහ. මේ අනුව මීට අදාළව යෝජනා ලබා දෙන ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු පක්ෂ නායකයන්ට දැනුම්දුන්නේය.

මේවන විට ලැබී ඇති කෙටුම්පත්වල අන්තර්ගත යෝජනා ඇසුරින් ආණ්ඩුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නියමිත අතර අදාළ ඉදිරි පියවර සදහා මේවන විට මෙම පනත් කෙටුම්පත් නීතිපතිවරයාට යොමු

https://www.parliament.lk/si/const-amendment-proposals

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments