26.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්අ.පො.ස (සා.පෙළ) විභාගය නියමිත පරිදි මැයි 23 ඇරඹේ. ඊට බාධා නොකරන්නැයි විභාග...

අ.පො.ස (සා.පෙළ) විභාගය නියමිත පරිදි මැයි 23 ඇරඹේ. ඊට බාධා නොකරන්නැයි විභාග කොමසාරිස්ගෙන් ඉල්ලීමක්.

එළඹෙන මැයි 23 වනදා ආරම්භ වීමට  නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැළසුම් කළ පරිදි පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා නිවේදනය කරයි.

අද (10) රජයේ නිල පුවත් වෙබ් අඩවියට කතා කළ විභාග කොමසාරිස්වරයා පැවසුයේ විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල  විභාගය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය  කෙරෙන බවයි.

අ.පො.ස (සා.පෙළ) විභාග  ප්‍රවේශ නිසි පරිදි බෙදා හරින මෙන් විභාග දෙපාර්තමේන්තුව තැපැල් පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉදිරි දින කිහිපය තුල ප්‍රවේශ පත්‍ර දරුවන් වෙත ලැබෙනු ඇතැයි කොමසාරිස්වරයා කීය.

බාධා විරහිතව විභාගය පැවැත්වීම ගැන කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පොලිසීය හා ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටියි. මේ පිළිබඳව සියලුම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමග ඊයේ සාකච්ඡා කරනු ලැබීය. ඉදිරි දින කිහිපය තුල විභාග ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරනු ලැබේ.

රට පුරා පැතිර ගිය කොවිඩ් වසංගතය නිසා 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි විය. එබැවින් දරු පරපුරේ ආනගතය සලකා කල් දැමූ විභාගය සාර්ථකව පැවැත්වීමට සෑම ආකාරයකින්ම සහය වන්නැයි කොමසාරිස්වරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති නායකයන්ට ආයාචනය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments