එක් කෝටි පන් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් වාලම්පුරි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (09) මඩකලපුව පොලිස් වසමේ මඩකලපුව, පන්සලපාර, ගනපති පිල්ලෙයි කෝවිල අසල ප්‍රදේශයේ දී වාලම්පුරි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පන්සල පාර, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වන සත්ව අඩවි ආරක්ෂක, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මඩකලපුව අඩවි ආරක්ෂක ඒ.ඒ. හලීම් මහතා වෙත භාර දී ඇත.