28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsවිදෙස් මුදල් ජාවාරමක සුලමුල එස්.ටී.එෆ්.සොයාගනී.

විදෙස් මුදල් ජාවාරමක සුලමුල එස්.ටී.එෆ්.සොයාගනී.

යූරෝ 50000 ක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ අධීක්‍ෂණයෙන් පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ දී උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 ක මුදලක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 18.69 ක් පමණ අතර මෙම මුදල් ප්‍ර‍කට ආදායමින් කොටසක් නොවන බවට සැකකල හැකි යුරෝ මුදල් විශුද්ධීකරණය කිරීමේ වරදට ගැනෙන අතර අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයකු වේ. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරුළපන නීති විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාශය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments