28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පොදු ප්‍රවාහනය කඩිනමින් ප්‍රතිසංවිධානය කරනවා - අමාත්‍ය ආචාර්ය...

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පොදු ප්‍රවාහනය කඩිනමින් ප්‍රතිසංවිධානය කරනවා – අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවති සාකච්ඡාවක් සඳහා එක් වෙමිනි.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජනතාවගේ දෛනික කටයුතු කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති වී ඇති ආකාරය මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරිණි.
සිය පෞද්ගලික කටයුතු ඇණ හිටීම තුළ නිවෙස් වල අවශ්‍යතා සපුරා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම සමස්ත ජීවන තත්වයට පැමිණී ඇති බාධා සැලකිල්ලට ගනිමින්, පොදු ප්‍රවාහන සේවා වශයෙන් ගත හැකි වඩාත් සුදුසුම පියවර වශයෙන් පොදු ප්‍රවාහනය ප්‍රතිසංවිධානය කර වැඩිදියුණු කිරීම බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.
ඒ අනුව, මාසයක් වැනි කෙටි කාලයක් තුළ උපරිම ශක්‍යතාවයෙන් සේවා සපයමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති, මෙතෙක් ධාවනයට එක් නොකළ දුම්රිය මැදිරි වල අඩුපාඩු සකස් කොට ධාවනයට එක් කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
එමෙන්ම පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් වශයෙන් දැනට ධාවනය වන දුම්රිය වාර ගණන සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය කළ යුතු බවයි. ඒ අනුව ඉතා වේගවත් ක්‍රමවේදයක් තුළින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා, ඉන්ධන අර්බුදය හේතුවෙන් මඟී ජනතාව අපහසුතාවයට පත් වීම වැළැක්වීම ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments