ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධුරයෙන් නික්මයාමට නියමිතව තිබේ.
අනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතයි.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධුරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ත් කටයුතු කරමින් සිටියේ ය.
මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතයි.