22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedපසුගියදා ඇති වූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන් යුත්...

පසුගියදා ඇති වූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීස්ට් වසන්ත කරන්නාගොඩ මහතායි.

ජෙනරල් දයා රත්නායක, මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සමාජිකයින් ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස ආසන්නයේ ඇතිවූ කලහකාරි සිදුවීම ඇතුළුව ඉන් පසුව ඇති වු සිදුවීම් සම්බන්ධයෙන් එම කමිටුව විසින් සොයා බැලීමට නියමිතයි.

කමිටුවේ සාමාජිකයෙකු සඳහන් කළේ, හෙට දිනයේ සිට සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් කරුණු විමසීමට කටයුතු කරන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments