සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඉකුත්දින පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල සංශෝධන දෙකක් ඉදිරිපත් කර තිබුණි.
ඒසේ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 හා 22 යන සංශෝධනවල අන්තර්ගත ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒ්වා සම්මත කරන්නේ නම්පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබේ.
එම පෙත්සම් (26) විභාගයට ගත් අවස්ථාවේදි නිතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි සොලිසිටර් ජනරාල් ඉන්දික දේමුනි ද සිල්වා මහත්මිය දැනුම්දි තිබෙන්නේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කරගන්නේ නම් එයට ජනමත විචාරණයකදි ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවය. එහිදි පෙත්සම් ඉදිරිපත් කර තිබු කර්නල් අනිල් අමරසේකර මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා යෝජිත සංශෝධන කෙටුම්පත තුලින් ජනාධිපතිවරයා සතු විධායක බල අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීම අනතුරුදායක තත්ත්වයක් පෙන්වාදි ඇත.
යම හෙයකින් මහජනයා තෝරා පත්කර නොගත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු මන්ත්‍රීවරයකු අග්‍රමාත්‍ය ධූරය සඳහා පත්කරනු ලැබුවොත් ඔහු හරහා ජනතා පරමාධිපත්‍ය නියෝජනය කිරීමක් සිදුනොවන බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඒවැනි පුද්ගලයකු වෙත ජනාධිපතිවරයා සතු විධායක බලතල පවරාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03හා04 යන වගන්තිවලට පටහැනි යැයි චෝදනා කළේය.