21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්නාවික හෙඳ විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 30ක් හෙද ප්‍රතිඥාව...

නාවික හෙඳ විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 30ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2021 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 30 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය 2022 මැයි මස 26 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදා හෙද සිසුන් විසි පහක් (25) සහ ගුවන් හමුදා හෙද සිසුන් පහක් (05) වෙත හිස් වැසුම් පැළඳවීම සහ තුන්සිළු පහන් ප්‍රධානය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂිකා (හෙද අධ්‍යාපන) අශෝකා අබේනායක මහත්මිය, අධ්‍යක්‍ෂිකා (හෙද වෛද්‍ය සේවා) එම්බීසී සමන්මලී මහත්මිය, අධ්‍යක්‍ෂිකා (හෙද සහ මහජන සෞඛ්‍ය) පී.ඩී කුසුමලතා මහත්මිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරාධිතයින් විසින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා වෛද්‍ය ලාල් පනාපිටිය මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ ප්‍රධාන උපදේශක, ශල්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් ජීඑස්ආර් ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික කුමාර, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා ශල්‍ය වෛද්‍ය කොමදෝරු පීජේබී මාරඹේ ඇතුළු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෙද පාඨමාලාවේ පහසුකම් සපයන්නන් නියෝජනය කරමින් මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය පීඨයන්හි විදුහල්පතිවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් සහ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments