26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOP21ට සජබ විරුද්ධ කතාව බොරු.

21ට සජබ විරුද්ධ කතාව බොරු.

21ට සජබ සහාය නෑ කියලා පුවත්පතක් සදහන් කර තිබෙනවා ඒ අදහස වෙනස් අපි කියන්නේ මේ තත්ත්වය 19 බලය අඩු නොකර ගේන්න කියලා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා ප්‍රකාශ කරයි.

ඒ් මහතා මේබව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීය…….

මේ වන විට රටේ ගොවි ජනතාව ඉතාමත් අසීරු තැනකට පත් වෙලා. රසායනික පොහොර තහනම නිසා ගිය කන්න සම්පූර්ණම අසාර්ථකත්වයට පත් වුණා. එහි ප්‍රතිවිපාක අද මුළු රටේම ජනතාව විඳිනවා. විශේෂයෙන්ම කියන්න ඕන ගොවි ජනතාවගේ ආදායම අහිමි වුණා පමණක් නොවෙයි අද අපිට මේ වෙනකොට පිටරටින් හාල් ගේන්නත් සිදු වෙලා ඒ වගේම හාල් මිල හිතන්නේ නැති විදිහට ඉහළ ගිහිල්ලා මේ තත්ත්වය පැහැදිලි කරාම එක රැයකදී ගත්ත රසායනික පොහොර තහනම තීන්දුයි උඩ තමයි මේ රටේ ජනතාවට අද සහල් වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණු තත්ත්වය අහිමි වුනේ ඒ විතරක් නෙමෙයි ඒ තත්ත්වය තුළ අපිට අල්ලපු රටවල් ඉන්දියාව , පාකිස්තානය ,මියන්මාරය වැනි රටවලට අත පාවන්නත් සිදුවෙලා.

ගොවියෝ හිතුවා මේ කන්නයේ දී වත් රසායනික පොහොර ලැබෙයි කියලා .නමුත් කෘෂිකර්ම ඇමතිවරයා කියනවා මේ වෙනකන් රසායනික පොහොර දෙන්න කිසිම රටක් එකග වෙලා නෑ කියලා .ඒකෙන් පැහැදිලි වන්නේ මේ කන්නයේ් දී පොහොර ලැබෙන්නේ නෑ කියලා. කෙසේ වෙතත් මේ වනවිට සියලුම දිස්ත්‍රික්ක වල 40% වත් මෙවර වගා ආරම්භ කරලා නැහැ හේතුව පොහොර පිලිබදව තිබෙන අවිස්වාසය නිසා .වගා කරපු කුඹුරු වලත් ගොයම කහපාට වෙලා ඒවාට අවශ්‍ය මඩ පොහොර, යූරියා , කෘමිනාශක නැහැ. මේ තත්ත්වය තුල ගොවියා ඉතාම අසීරුතාවට පත්වෙලා .

ඒ වගේම ගොවියන්ට ඉන්ධන අර්බුදය විශාල ලෙස බලපා තිබෙනවා ඩීසල් ,භුමිතෙල් පෝලිම් වල ඉන්න සිදුවෙලා එසේ ඉදලා ඉන්ධන ලබා ගත්තම එය⁣ට රුපියල් 20000කට වැඩිය වැය කරන්න සිදුවෙලා.එසේ කරලා හදා ගත්ත ගොයම මේ වනවිට කහපාට වෙලා.අද 100% ගොවිතැන අනාත වෙලා අසාර්ථක වෙලා .

මේ වනවිට රටේ ආහාර හිගයක් ගැන කියනවා ඒ තත්ත්වය දිහා බලාගෙන ඉන්නද මේ අමතිවරු පත්වෙලා ඉන්නේ .ඒ සම්බන්ධයෙන් රජය වහාම ක්‍රියාත්මක වියයුතු අවස්ථාවක් රටේ විශාල ශ්‍රමයක් අනවශ්‍ය විදයට නාස්ති වෙලා යනවා. එහිදී මේ කන්නයේ ගොවිතැන ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා කියන්නේ බයානක ආහාර හිගයකට යනවා .ඒ නිසා වහ වහාම පියවරක් කෘෂිකර්ම ඇමති ඇතුළු බලධාරීන් ගත යුතුව තිබෙනවා.

කෘෂිකර්ම ඇමතිවරයාට දිවුරුම් දෙන්න පුදුම හිදිසියක් තිබුණා නමුත් තවමත් ගොවියාට අවශ්‍ය ඩීසල් ටික ලැබෙන්නේ නැහැ ඒ වගේම ගොවියන් මේ කන්නයේ දීවත් පොහොර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා .

ජනාධිපතිතුමා දැන් වැරදි නිවැරැදි කරන්න හදනවා හැබැයි මිනිස්සු තවම පෝලිම් වල මිය යන තත්ත්වයට පත්වෙලා .එක පුද්ගලයෙක් හා කණ්ඩායමක් රැකගන්න ගිහින් සියල්ල විනාශ වෙලා අද ඒවා සියලුම ලක්ෂ 200ක් වූ ජනතාවට විදින්න සිදුවෙලා . අද 74 ක ඉතිහාසයක් ගැන කතා කරනවා නමුත් භයානකම මේ පසුගියදා වසර දෙකයි.ජනතාව ජනාධිපතිට ගෙදර යන්න කියනවා විතරක් නෙමෙයි හොරා කාපු සල්ලි දීලා යන්න කියනවා .

21ට සජබ සහාය නෑ කියලා පුවත්පතක් සදහන් කර තිබෙනවා ඒ අදහස වෙනස් අපි කියන්නේ මේ තත්ත්වය 19 බලය අඩු නොකර ගේන්න කියලා .21 ට සහාය නැ කියලා සදහන් කරාම ඇහුම්කන් දෙන අය හිතන්නේ අපි එයට විරුද්ධයි කියලා මෙවැනි දේ මාධ්‍යයේ පල කරාම ජනතාව ගේ මතය වෙනස් වෙනවා.

අද රටේ තත්ත්වය කවුරුත් දන්නවා බංකොලොත් තත්ත්වයට ඇවිත් බෙහෙත් පවා ගෙන්වන් බැරි තත්ත්වයට පත්වෙලා ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන එය වෙනුවෙන් රටේ සියලු දෙනාට කැප කරන්න සිදු වෙනවා.

සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා .

අද ප්‍රධාන පෙලේ පුවත්පතක තිබෙනවා 21 වෙනි සංශෝධනයට සජබ සහාය නෑ කියලා. මෙය මතුපිටින් කරන තේරුම ගැනීමක් වගේම එම ප්‍රවෘත්ති වැරදියි .21 වෙනි සංශෝධනය වශයෙන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් ගෙන එන කෙටුම්පතේ තිබෙන සමහර කාරණා ගැන අපට එකගතාවයක් නැහැ. මේ පිලිබදව රජය සමග තිබූ සාකච්ඡාවේ ප්‍රකාශ කළ තිබෙන අඩුපාඩු ගැන .එම අඩුපාඩු නිවැරැදි වෙනව නම් පාර්ලිමේන්තුවේ එම කෙටුම්පතට අපේ සහාය ලබා දීම ගැන ගැටලුවක් නැහැ .

එහි ප්‍රධාන ප්‍රශ්න ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් දැරීමට නොහැකි කියලා 19 වෙනි සංශෝදනයේ තිබුණා අපි ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් දැරීමට නොහැකි කියන ප්‍රතිපාදනය මෙම කෙටුම්පතටත් ඇතුලත් කරන්න කියලා .වර්තමාන ජනාධිපති අනාගත ජනාධිපතිටත් එය අදාල වන ආකාරයට ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පිලිබදව පාර්ලිමේන්තුවට මීට වඩා නම්‍යශීලී බලයක් ලැබිය යුතුයි එනම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ලැබිය යුතුයි කියලා අපි යෝජනා කරනවා .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments