පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (30) පෑලියගොඩ පොලිස් වසමේ කොමාර්ෂල් බැංකුව ඉදිරිපිටදි හෙරොයින් ග්‍රෑම් 65යි මිලිග්‍රෑම් 100ක්, ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් කින්නියා පොලිස් වසමේ එම්.එම්. මස්තාපා විද්‍යාලයට හැරෙන හංදියේදි වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,650ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා කින්නියා පොලිස් ස්ථානයට භාරදි ඇත. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් උප්පුවේලි පොලිස් වසමේ ආන්දමිකූලම් වැව අසල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,600ක් සමග අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා උප්පුවේලි පොලිස් ස්ථානයට භාරදි ඇත.