මුදල් විශුද්ධි කිරීම සහ තීරුබදු නොගෙවා නීති විරෝධීලෙස මෙරටට රත්‍රං ආනයනය කළ කාන්තාවන් දෙදෙනකු සහ පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව ස්ථනාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරික්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) දෙහිවල පොලිස් වසමේ අංක අංක 11, සමගි මාවත, කවුඩාන, දෙහිවල ලිපිනයේ දී වැටලීමක් සිදුකර මුදල් විශුද්ධි කිරිම, මුදල් විශුද්ධි කිරිමට උත්සහ කිරිම සහ තිරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං ගෙන්විම යන වැරදි සිදු කල දෙහිවල හා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක පුද්ගලයකු සහ වයස අවුරුදු 35 ,42 යන වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
එහිදි ග්‍රෑම් 241, මි.ග්‍රෑ. 480 ක් බර රත්‍රං මාල යක්, ජංගම දුරකථන 03ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර හෙරොයින් සත්තකයේ නබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරික්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) පෑලියගොඩ පොලිස් වසමේ කොමර්ෂල් බැංකුව ඉදිරිපිට මාරිගයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හෙරොයින් ග්‍රෑම් 65 මිලි ග්‍රෑම් 100,
ත්‍රිරෝද රථයක් (WP HZ-5040) අත්අඩංගුවට ගත් හෙරොයින් වල දළවටිනාකම රුපියල් එක්ලක්ෂ පනස් දහසකට වැඩි වටිනාකමකින් යුක්ත වෙි