කොරෝනා ව්‍යසනයත් ආණ්ඩුවේ හිතවතුන් මුදල් ගරන ජාවාරමක් කරගෙන තිෙබන බවත්
ඒක පුද්ගල රංගනවලින්, මිත්‍යාව පතුරවමින් වසන්ගතය පාලනය කරන්න බැරි ඉවත් ජනතා විමුක්ති ෙපරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතමින් ෙම් බව සදහන් කෙළ්ය
ඒහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා
මෙය පවතින කොරෝනා තත්වය තුළ මතුවෙලා තිබෙන ගැටලුකාරී තත්වයන් ගැන ජනතාවගේ සහ ආණ්ඩුවේ අවධානය යොමු කරවීම සිදුකළ යුතු මොහොතක්. කොරෝනා දෙවැලි රැල්ල ලෙස හඳුන්වන තත්වය බරපතල ලෙස රට පුරා පැතිරෙමින් තිබෙනවා. මේ ගැන හරිහැටි ආණ්ඩුව අවබෝධ කරගෙන නැහැ. එසේ නැත්නම් තොරතුරු සඟවමින් ඉන්නවා. මේ අවුරුද්දේ මාර්තු මාසයේ මෙරටින් කොරෝනා රෝගීන් හමුවූ තැන සිට සැප්තැම්බර් අග දක්වා කාලය තුළ රෝගීන් සිටියේ 3,000කට මඳක් වැඩි ප්‍රමාණයක්. නමුත් දෙවැනි රැල්ලේදී මාසක් ඇතුළත 13,000 පැනලා. පළවැනි රැල්ලේදී මාස හතකට රෝගීන් 3,000කට වැඩි ප්‍රමාණක් වාර්තා වෙද්දී දෙවැනි රැල්ලේදී මාසයක් තුළ රෝගීන් 10,000ක් ඉක්මවලා. වේගෙන් පැතිරෙන බව මෙයින් පැහැදිලි වෙනවා.
මුල් අවස්ථාවේදී රෝගීන් බොහෝ විට මුණ ගැහුණේ නිශ්චිත තැන්වලින්. රෝගීන් 3,000කින් 1,000කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා පොකුරෙන්. ඊළඟ වැඩි ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඊළඟට විදේශගතව සිට ලංකාවට පැමිණි අයගෙන්. නිශ්චිත ලෙසම මේ ආකාරයෙන් මූලාශ්‍ර හඳුනාගන්න ලැබුණා. අද තත්වය ඊට වඩා බරපතලයි. ස්ථාන ගණනාවක රෝගීන් පැතිරීමේ අවදානමක් තිබෙනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය, පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය, එස්.ටී.එෆ්. එක සහ පොලීසිය, බෝගම්බර සහ වැලිකඩ සිර ගෙවල්, මේ තැන්වල රෝගීන් වැඩි ප්‍රමාණයක් හමු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ගියවර රෝගය වැළඳුණේ නැහැ. නමුත් මෙවර සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සැලකිය යුතු පිරිසකට රෝගය වැළඳිලා. ‘තාම සමාජගත වෙලා නැහැ’ වගේ විකාර කතා කියන්නේ නැතිව පාලනය කළ නොහැකි මට්ටමේ පැතිරෙන්න පටන් ගෙන කියලා ආණ්ඩුව තේරුම්ගත යුතුව තිබෙනවා. එහෙම තේරුම් ගත්තොත් විතරයි හරියට මර්දනය කරන්න හැකි වෙන්නේ.
දිනපතා රෝගීන් 400කට වැඩි ප්‍රමාණක් දැන් හමුවෙනවා. පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩි කළොත් මේ තත්වය ඉහළ යාමේ හැකියාව තියෙනවා. රෝගීන් මියයාම මාස හතටම 13දෙනයි. නමුත් මාසයක් ඇතුළත 21ක් දෙනෙක් මිය ගිහිල්ලා. එක් දිනක් තුළ 5දෙනෙක් හා 4දෙනෙක් වශයෙන් මිය යන තත්වයට පත්වෙලා. දෙවැනි රැල්ල පළවෙනි වතාවට වඩා පාලනයෙන් ගිලිහී ඇති බව මෙයින් පැහිදිලි වෙනවා. මේ විදිහට පැතිරෙන තත්වයක් තුළ එදිනෙදා ජන ජීවිතය කළමනාකරණය කරගනිමින් මෙහෙයවන්නේ කොහොමද කියලා ආණ්ඩුවට සැලසුමක් නැහැ. රට විවෘතව තබා ගනිමින් මුහුණදීමේ උපායමාර්ගය ආණ්ඩුව අනුගමනය කරන බව පේනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් මූලික කරගෙන මෙය ක්‍රියාත්මක කරන්න ඕනෑ. නමුත් බස්නාහිර පළාත් තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය ප්‍රදේශ කිහිපයකට හැර ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරලා. එහෙම නම් ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් සැලැස්මක් තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුවට එවැනි ඒකාබද්ධ දිගුකාලීන වැඩපිළිවෙළක් තියෙන බව පේන්නේ නැහැ. එදිනෙදා මොනවා හරි කරමින් යන තත්වයක් තියෙන්නේ. දිගුකාලීනව මුහුණදීමට එකතු කළ හැකි සියලු බලවේග එකතු කරගන්නවා වෙනුවට කිහිප දෙනෙක් අතේ බලතල තියාගෙන තියෙන බව පේනවා.
රට විවෘතව තබාගෙන වසන්ගතයට මුහුණ දෙනවා නම් මතුවිය හැකි ගැටලු ගණනාවක් තියෙනවා. දුරස්ථකරණය පවත්වා ගනිමින් සමාජයීය ජීවිතය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් උත්තරයක් ජනතාවට දෙන්න ඕනෑ. ඊට අමතරව ගොවි ජනතාව මුහුණපාන ගැටලු, ධීවර ජනතාව මුහුණපාන ගැටලු වගේම එදිනෙදා අවශ්‍යතා සපුරගන්න පාරිභෝගික ජනතාවටත් ගැටලු මතුවෙනවා. ගොවි ජනතාව සහ ධීවර ජනතාවගේ අස්වැන්න විකුණාගන්න වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා පාරිභෝගිකයාට භාණ්ඩ නැතිවීමත් මිල ඉහළ යාමත් සිදුවෙනවා. එක් එක් පුද්ගලයෝ තම තමන්ට හැකි ආකාරයට ගොඩ යන්න උත්සාහ කරනවා.
ඒ වගේම රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කරගෙන යන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. උදාහරණයක් හැටියට වරාය ගත්තොත් තත්වය බරපතල වෙලා. රෝගීන් 20දෙනෙක් විතර මේ වෙනකොට හඳුනාගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ කළ අයගේ වාර්තා ලැබෙන තුරු සියලුම දෙනා එකට වැඩකරනවා. මේ නිසා තව අයට රෝගය බෝ වෙනවා. කොරෝනා තත්වය ඇතුලේ සේවක අවධානය බිඳවැටීම පාවිච්චි කරලා ආණ්ඩුව නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න උත්සහ කරන බව වාර්තා වෙනවා. පුද්ගලික අංශයේ විශේෂයෙන්ම වෙළඳ කලාපවල වැඩකරන සේවක සේවිකාවන්ට බරපතල ගැටලු රාශියක් තියෙනවා. රැකියා නැතිවීම්, බෝඩිම්වල පහසුකම් අවමවීම්, රජයෙන් ලබාදෙන රු.5,000 දීමනාව අහිමිවීම, ආයතනවලින් සුභසාධනය ලබාදෙන්න කියලා ආණ්ඩුව වගකීමෙන් බැහැරවීම වගේ දුෂ්කරතාවයන් ගණනාවක් තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් ආයනවලටත් ආයතනවලින් ආණ්ඩුවටත් එකිනෙකා බෝලය පාස් කරගන්නවා. සේවකයන් වෙනුවෙන් කිසිම නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ.
ස්වයංරැකියා කරන අයගේ ආදායම් මාර්ග ඇඳිරි නීතිය දැම්මත් එහෙම නැති වුණත් සමාජ දුරස්තකරණය සහ අනෙකුත් නීති රීති නිසාත් බිඳවැටිලා. මේ වෙලාවේ ආණ්ඩුව උදව් කළ යුත්තේ මේ අයට කියලා අපි හිතනවා. ඊළඟට මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට සහන පොලී ණය වැඩිපුර ලබාදෙන්න ඕනෑ. මොකද ඒ අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදෙන සහනය ස්වයං රැකියා සහ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට තාම ලබාදී නැහැ. ඒ අයට සහන ලබාදිය යුතුයි. අධ්‍යාපනය සම්බන්ධයෙනුත් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් පැන නැගිලා. ආණ්ඩුව යොදලා තියෙන උත්තරය ඔන්ලයින් ක්‍රමය. නමුත් එය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැමෝටම මේ පහසුකම් නැහැ. දෙමාපියන්ට ඒ වෙනුවෙන් මුදල් සොයාගන්න බැහැ. හැමෝටම තාක්‍ෂණය එක විදිහට නැහැ. රාජ්‍ය පුද්ගලික රූපවාහිනී මාධ්‍යය යොදා ගන්නවත් ආණ්ඩුව අවධානය යොමු කරලා නැහැ. අපේ රටේ පවතින තත්වය අනුව වඩාත් හොඳ විදිහට සියල්ල කළමනාකරණය කරගන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. මෙය අපේ විවේචනයක් විතරක් නෙවෙයි. දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු හැමෝගෙම අදහසයි.
පොදු ජනතාවගේ පැත්තෙන් සෞඛ්‍ය නීතිරීති පිළිපදින්න වැඩපිළිවෙළක් හදන්නැතිව වැඩක් නැහැ. බස්නාහිරි පලාතේ ඇඳිරි නීතිය ඉවත් කළාම ජනතාව ගැවසෙන එක පාලනය කරන්න නම් ඊට අදාල වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ. උදාහරණයක් හැටියට කොරෝනා නීතිවලට අනුව මීටරයක දුර තියාගෙන බස්වල යන්නේ කොහොමද? එහෙම යන්න ගියොත් බස්වල ආදායම අඩු වෙනවා. ඒ නිසා බස් ගාස්තුව වැඩි කරන්න ඉල්ලා තිබෙනවා ඒක ජනතාවට විශාල බරක්. ආණ්ඩුව මැදිහත්වී ටික කාලයකට හරි පෞද්ගලික අංශයට සහන ලබාදෙන්න ඕනෑ. එහෙම කළොත් තමයි සීමාසහිත මගීන් ප්‍රමාණයක් ගෙනයන්න හැකි වෙන්නේ. අනෙක් පැත්තනේ ප්‍රමාණවත් බස්රථ ප්‍රමාණයක් යොදවන්නත් ඕනෑ. එහෙම නොකර නීතියක් දැම්මට වැඩක් නැහැ. නීති සහ උපදෙස්වලින් විතරක් මේක කරන්න බැහැ. වැඩපිළිවෙළක් හදන්නැතිව නීති දැම්මට වැඩක් නැහැ.
කොරෝනා ප්‍රශ්නය තවත් අවුරුදු දෙක තුනක් යා හැකි බව සෞඛ්‍ය විශේෂඥයන් කියනවා. ඒ අනුව ජනතාවට අත්‍යාවශ්‍ය කටයුතු කරගන්න අලුත් වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. එහෙම නොකර ආණ්ඩුව ජනතාවට දොස් කියන්න පටන් ගෙන. ඒකෙන් වෙන්නේ රෝගය පැතිරීමත් මිය යාම් ගණනත් පාලනය කරගත නොහැකි විදිහට වැඩි වීමයි. අපි අවධාරණය කරන්නේ මුළු සමාජයටම ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න. නමුත් අපි දකිමින් ඉන්නේ ප්‍රශ්නයේ බරපතලකමට අනුව ආණ්ඩුව වැඩ නොකරන බවක්. ආණ්ඩුව කිසිවක් නොකරන බව අපි කියන්නේ නැහැ. සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ, තමන්ට එල්ලවී තිබෙන තර්ජනය පවා නොතකා ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයවත් ලබාගන්න පොදු වැඩපිළිවෙළක් ආණ්ඩුව හදලා නැහැ. ආණ්ඩුව යමක් කරන අතර අඩුපාඩුකම් රාශියක් තියෙන බව අපි කියන්නේ මේ නිසයි. උද්දච්ඡකම් නැතිව අඩුපාඩුකම් තේරුම් ගන්නත් ඕනෑ. නමුත් ආණ්ඩුව වැඩ කරන්නේ ජයග්‍රහණ තමන්ගේ නමට ලියාගෙන අර්බුද ජනතාව පිට පටවන්නයි.
අපි දකින්නේ වසංගතයට මුහුණදීමට අවශ්‍ය ආයතන සියල්ල එකතු කරගනිමින් සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතු බවයි. නමුත් ආණ්ඩුවේ එක එක්කෙනා තම තමන්ට අදාල ප්‍රකාශ කරමින් ඒකපුද්ගල රංගනයන් කරනවා. අනෙක් අයගේ අදහසට ගරු නොකර තමන්ගේ අඩුපාඩුකම් නොදැක තමන් කරන සියල්ල හරියි කියලා හිතලා කරන ඒකපුද්ගල රංගනවලින් අපට ඉතිරි වෙන්නේ ඛේදවාචකයක්. ඒ වගේම ජනතාවට දොස් පරවලත් වැඩක් නැහැ. ආණ්ඩුව ජනතාවගේ අවබෝදය හදලා සංචරණ සීමාවලට ප්‍රායෝගික වැඩපිළිවෙළක් හදනවා වෙනුවට සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු වගකිව යුත්තන් මුට්ටි සෙල්ලම් කලගෙඩි සෙල්ලම් කරනවා. වතුර මුට්ටි ගඟට දැම්මාම ලෙඬේ පාලනය වෙනවා කියන දේ ජනතාව විශ්වාස කළොත් ඇත්වෙන තත්වය බරපතලයි. රටේ සෞඛ්‍ය ඇමතිවරියම මැදිහත් වෙලා මිත්‍යාව වපුරනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක විය යුත්තේ විද්‍යාව පදනම් කරගෙනයි. ආණ්ඩුව කරන දේට ගෞරවය දෙන ගමන්ම මේ හැසිරෙන ආකාරය වගකීම්සහගත නොවන බව අපි අවධාරණය කරනවා.
ආණ්ඩුව රෝගය පාලනය කිරීමට අවශ්‍ය බර තබා නැති බව ලබන අවුරුද්දේ අයවැය ලේඛණයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදලින් පැහැදිලියි. එය රු. කෝටි 15,947ක්. මෙය කෙසේවත් ප්‍රමාණවත් නැහැ. පවුලේ අයට ගොඩක් වෙන්කර ගන්නවා. හැබැයි වැඩිම වගකීමක් තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල ලබාදී නැහැ. අඩුම තරමේ 2020 අවුරුද්දට වෙන්කළ රු. කෝටි 15,957ක මුදලටත් වඩා අඩු මුදලක් ලබන වසරට වෙන් කරන්නේ. ඒ වගේම රෝගය සම්බන්ධයෙන් නිවැරදි වාර්තා ලබාගැනීම නොකර ඉන්න උත්සාහ කරනවා. වැඩිපුර රෝගීන් පරීක්‍ෂා කළොත් මේ සංඛ්‍යාව වැඩිවන බව සෞඛ්‍ය අංශ කියනවා. එහෙම වුණොත් රෝහල්වල ඉඩ වැඩියෙන් වෙන්කරන්න වෙනවා. දැන් රෝහල්වල ඉන්න රෝගීන් පවා ඉක්මනින් නිවාසවලට යැවීමේ වැඩපිළිවෙළක් පටන් අරගෙන තිබෙනවා. මීට කලින් සුවවුණු රෝගීන් නිවාසවලට යවද්දී පී.සී.ආර්. පරීක්‍ෂණ කරනවා. දැන් එය අත්හැරලා. මේක ඉලක්කම් එක්ක කරන්න ගියොත් රෝගය පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා. ආණ්ඩුවේ බලධාරීන් ඒ ගැන වගකීමකින් කටයුතු කළ යුතුයි.
මේ ව්‍යසනය තුළත් ආණ්ඩුවේ සුපුරුදු වංචා-දූෂණ කරළියට ඇවිත් තිබෙනවා. ආණ්ඩුවට උදව් කළ ව්‍යාපාරිකයෝ ආණ්ඩුවේ සහයෙන්ම වේදනාවට පත් වෙච්ච ජනතාව මුදල් උපයන්න පාවිච්චි කරනවා. ඒ තරම් නරුමකමක් තවත් නැහැ. ආණ්ඩුවේ සහයෝගයෙන් ඒ ව්‍යාපාරිකයෝ කොරෝනාව ගරානාවක් කරගෙන. විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන ඒම බාරව ඉන්නේ ජනාධිපතිතුමාගේ හිතවතෙකුගේ ආයතනයක්. විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී ගුවන් ටිකට්පත්වලට විශාල මුදලක් අයකරනවා. ඒ වගේම පරීක්‍ෂණ කරන්න සහ නිරෝධායනයට ඔවුන් විශාල මුදලක් වැය කරනවා. නමුත් මෙරටදී ඒ පහසුකම් බොහොමයක් ලබාදෙන්නේ නැහැ. අමතර මුදල් ගසාකෑමේ ක්‍රියාමාර්ගත් අනුගමනය කරනවා. මේ වැනි නරුම සංස්කෘතියක් කොරෝනාව තුළ නිර්මාණය වෙලා. හදිසියේ වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීමේදී ආණ්ඩුවේ ව්‍යාපාරික හිතවතුන් ගසා කෑමක යෙදී සිටිනවා. මේ පිළිබඳව විවිධ අය තොරතුරු හෙළිකර තිබෙනවා. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳ කිසිම පැහැදිලි කිරීමක් කළේ නැහැ. තමන්ට උදව් කළ ව්‍යාපාරිකයින්ට හම්බ කර ගැනීමේ මාර්ග හදා දීලා.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට තව දුරටත් නිදහසට කාරණා නැහැ. ජනාධිපතිවරයාට ඇති තරම් බලය තියෙනවා. 2/3 පාර්ලිමේන්තු බලයකුත් තියෙනවා. 20වැනි සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිවරයාට ඇති තරම් බලය තියෙනවා. දැන් වැඩ පෙන්වන්න ඕනෑ. ජනතාව ඒ ගැන බලාගෙන ඉන්නවා. හොඳ වැඩ වෙනුවෙන් බලය පාවිච්චි කරන්න කියලා අපි අවධාරණය කරනවා.
වසංගතය නිසා පීඩාවට පත්වුණු සමස්ත ජනතාවට අවම සහන ලබාදෙන්න ඕනෑ. රෝගය පැතිරීම වළක්වා ගන්න සංයුක්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. පීඩාවට පත්වූ සියලු ජනතාවට වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට බලපා තිබෙන මූලික ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි. බලය ඇති තරම් තියෙන නිසා රට වෙනුවෙන් කළ යුතු වගකීම් නිසි ආකාරව කරන ලෙස අපි අවධාරණය කරනවා. අනෙක් පැත්තෙන් ජනතාව වගකීම් සහගතව කටයුතු කරන්න කියලා මේ මොහොතේ අපි ඉල්ලා සිටිනවා.