ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව (02) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
මෙම හමුව අතරතුරදී, අතිගරු ජනාධිපතිතුමන් නව ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව සුහද අදහස් හුවමාරුවක නිරත විය.
මෙම සුහද හමුව සමාප්තියේ, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම හමුවීම සංකේතවත් කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.