26.2 C
Sri Lanka
Saturday, August 9, 2025
HomeUncategorizedවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව අධ්‍යක්ෂ මණ්ඬලය පත්වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව අධ්‍යක්ෂ මණ්ඬලය පත්වේ.


ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් පත්වීම් ලිපි අද (2022.06.03) උදෑසන ලබාදුන්නේය. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙක් සදහා පත්වීම් ලිපි ලබාගත් අතර එයින් තිදෙනෙක් වෘත්තිකයින් වන අතර සිව් දෙනෙක් විදේශ රැකියා ක්ෂේත්‍රය නියෝජනය කරයි.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උප සභාපති ලෙස මොහොමඩ් හිල්මි මහතා පත්වීම ලබාගත් අතර, ඔහු මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර ඇති ඒ මහතා අබ්දුල් අසීස් බ්‍රදර්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත්වීම් ලැබූ ජෙෆ් ගුණවර්ධන මහතා ව්‍යාපාරිකයෙක් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රීක සේවයේ අත්දැකීම් ඇති අයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ, වෙනිසියුලාවේ සහ කොලොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇති ඔහු ගුවන්තොටුපොල සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥ සදුන් ගමගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගත්තේය. වසර විසි හයක නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ඔහු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.

හේමන්ත සපුමොහොට්ටි, ඒ.එල්.ඒ. හස්සාම්, මොහොමඩ් ෆස්ලි, මොහොමඩ් අර්ශාඩ් යන මහත්වරු විදේශ රැකියා ක්ෂේත්‍රය නියෝජනය කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments