22.1 C
Sri Lanka
Thursday, May 15, 2025
Homeදේශීය පුවත්police newsපුරා විද්‍යා කැණීම් හා පුරාවිද්‍යා භාණ්ඩ, ගිනිඅවි එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පුරා විද්‍යා කැණීම් හා පුරාවිද්‍යා භාණ්ඩ, ගිනිඅවි එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, පුරාවිද්‍යා ස්ථානයක් කැණීමි කර එයින් ලබාගත් යැයි සැකසිතෙන පුරාවිද්‍යා භාණ්ඩ, පුරාවිද්‍යා ස්ථාන නිරික්ෂණය කර කැණීම් කිරිමට යොදාගත් ස්කෑනර් යන්ත්‍ර‍ සහ යුධහමුදා නිල ඇදුමි කොටස් 02 සමග පුද්ගලයෙකු ගලිගමුව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ටි.බි. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කෑගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (04) පින්දෙණිය පොලිස් වසමේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර‍ නැතිව විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, ජිව උණ්ඩ 08 ක්, උණ්ඩ කොපු 03 ක් ලග තබාගැනිම, පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කර එයින් ලබාගත් යැයි සැකසිතෙන පුරාවිද්‍යා භාණ්ඩ, පුරාවිද්‍යා ස්ථාන නිරික්ෂණය කර කැණීම් කිරිමට යොදාගත් ස්කෑනර් යන්ත්‍ර‍ 02 ක් සන්තකයේ කබා ගැනිම සහ නිත්‍යානුකූලව අවසරයක් නොමැතිව යුධහමුදා නිල ඇඳුම් කොටස් 02 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 60 පසුවන ගලිගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පින්දෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අංක 3587 දරන බෝර 12 වර්ගයේ ගිනි අවි 01 යි. (නිෂ්පාදිත රටක් සදහන් කර නොමැත),බෝර 12 වර්ගයේ අවිය සදහා භාවිතා කරනු ලබන ජිව උණ්ඩ 08 යි,බෝර 12 වර්ගයේ හිස් උණ්ඩ කොපු 03 යි,විවිධ වර්ගයේ අකුරු සදන් කර ඇති දිග අගල් 11 ක් වු පළල අගල් 3 ½ ක් වු බර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 799 ක් වු ගල් පතුරු 17 ක් සහ එයට සම්බන්ධ කර ඇති ගල් වලලු 02 ක් සහිත පාර්සල් 01 යි,
ගලින් සදා ඇති බවට සැකකල හැකි පෞරාණික වස්තු 06 යි,ගලින් සදා ඇති බවට සැකකල හැකි උස අඟල් 06 යි, වට ප්‍ර‍ණය අඟල් 08 යි, බර ග්‍රෑම් 533 ක් වු පෞරාණික වස්තු 01 යි,පෞරාණික නිධන් වස්තු සෙවිම සදහා පොලව අභ්‍යන්තරය පරික්ෂා කිරිමට යොදා ගන්නා ලද ස්කෑන් යන්ත්‍ර‍ 02 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments