අත්‍යාවශ්‍ය භාණ්ඩ අනවශ්‍ය ලෙස එක්රැස් කිරීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ජනතාවට අවශ්‍ය එම භාණ්ඩ හිඟයකින් තොරව ලබාදිමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
ඒ් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) එම අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් ඇමැතිවරයා මෙසේද කීය……….වෙළෙඳපොළේ අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩුවීම ගැන හා ඒ්වයේ මිල වැඩිවීම පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරයන් සිදුවුණා. රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ උච්චතම අවස්ථාවට අපි මුහුණ දුන්නා. විශේෂයෙන්ම ඉන්ධන, විදුලි හා ඩොලර් අර්බුදය නිසා රටේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට අපට නොහැකිවුණා. ඒ් බලපෑම රටේ සාමාන්‍ය ජනතාවටත්, කර්මාන්තවලටත්, සැපයුම් ජාලවලටත් දැඩි ලෙස බලපෑවා. රජයක් ලෙස සාධාරණ විසඳුමක් ලබාදිය හැකියැයි අපි විශ්වාස කෙරුවා. ඒ් නිසා අපි ඉන්ධන ලබාදීමේ ක්‍රමවේද හා විදුලි කප්පාදුව අවම වශයෙන් පවත්වාගෙන යමින් නිෂ්පාදන වැඩිකිරීමට කර්මාන්තශාලාවලට විදුලිය ලබාදීමට අපි තීන්දු කළේ.එහි යම් සාර්ථක තත්ත්වයකට පත්වී තිබෙනවා. එමෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා ජනතාව තුල විශාල බයක් ඇතිවි තිබෙනවා. දැනටත් ජනතාව ඒ් සම්බන්ධව අවධානයෙන් තමයි සිටින්නේ.
ඒ් නිසා මම මුලින්ම කියා සිටින්නේ ජනතාවට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ තම තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණ ලබාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් ඉකුත් සතියේ ඉතා නරක තත්ත්වයක් ඇතිවුණා ජනතාව භාණ්ඩ එක්රැස් කිරීමට යෑම නිසා. එය මිලදි ගැනීම් නිරික්ෂණය කිරීමේදි අපට පහැදිලි වුණා. ඒ් නිසා ජනතාවට වැටහීමක් තිබෙන්නේ ඔ්නේ එක්රැස් කිරීමකට ගියොත් එය වෙළෙඳපොළට බලපාන බව.ඒ් නිසා අපි සියලු දෙනාගේම යුතුකමක් මේ අවස්ථාවේ අපි පරිභෝජනය කරන ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදි ගැනීමට. එම භාණ්ඩ තමන්ට අවශ්‍ය කරන කාලයකට තබාගන්නත් ක්‍රියාකරනවානම් හොඳයි. ඉකුත් කාලයේ ජනතාවට තිබුණු අත්දැකිම් නිසා තමයි ජනතාව භාණ්ඩ එක්රැස් කිරීම්වලට පෙළඹුණේ. මට අලුතින් ආරංචියක් ලැබුණා සහල් වලට වඩා වී ගෙනවිත් ගබඩා කරගැනීමේ ප්‍රවණතාවයක් තිබෙන බව. ඒය අවශ්‍ය නැති වැරැදි වැඩක් කිසිම වේලාවක සහල් හිඟයක්වත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක්වත් ඇතිවෙන්නේ නැහැ. මහා කන්නයේ වී අපිට තවත් මාස හතරකට තිබෙනවා. ජූලි පමණ වනවිට යල කන්නය කැපෙනවා. එයිනුත් අපිට තව මාස දෙක තුනකට සහල් තිබෙනවා. ලබන පෙබරවාරි පමණ වනවිට තමයි මහකන්නය කැපෙන්නේ ඒ් වනවිට තමයි අපිට මාස දෙකතුනකට හාල් අඩුවීමක් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් වසර හතරකට සැරයක් සහල් ආනයනය කර තිබෙනවා. නොවැම්බර්,දෙසැම්බර්, ජනවාරි කාලවලදී. ඒ් නිසා ඒ් අඩුපාඩුව අපි දැම්මම සහල් ආනයනය කරන්න කටයුතු කර තිබෙනවා. ඒ් නිසා තව මාස හයක් හතක් යනකල් සහල් හිඟයක් වෙන්නේ නැහැ. ඒ්ක අවධාරණයෙන්ම කියනවා ඒ් ගැන බයක් වෙන්න එපා. වී මිටි ගණන් ගෙනහිල්ලා නිවෙස්වල තබාගන්න එපා.
එමෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැන කතා කරනවිට කිව යුතුයි විශේෂයෙන්ම මහා බැංකුව තීන්දුවක් අරගෙන තිබෙනවා බැංකු හරහා නොවන සියලුම ගනුදෙනු නවත්වන්න. ඒ් අනුව ආනයනකරුවන් විශාල ප්‍රමාණයක් අපෙන් ඉල්ලීමක් කළා. ඒ් අනුව මම මහාබැංකු අධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කරමින් තීන්දුවක් ගත්තා ඒ් අයට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය බැංකු හරහා ලබාදෙන්න. අපි ගණන් බලන ආකාරයට මාසයකට අමෙරිකානු ඩොලර් මිලියන සීයක් ඒ් සඳහා අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධව මහා බැංකුව තීන්දු කළා ඒ් ආනයන කරුවන් ලැයිස්තු ගත කරලා එම ලැයිස්තු මහා බැංකුවට ලබාදුන්නාට පසු මහා බැංකුව අනෙකුත් බැංකු දැනුවත් කරන ඒ අයට අවශ්‍ය ඩොලර් ලබාදිමට. ඒ් අනුව එම වැඩසටහන් දැන් ක්‍රියාත්මක වෙනවා. දැනට ඉකුත් සිකුරාදා අමෙරිකානු ඩොලර් මිලියන හතළිස් පහක ලැයිස්තුවක් අපි මහබැංකුවට යැව්වා. එමෙන්ම අපි තවත් තීන්දුවක් ගත්තා වරායේ බහලුම් දෙසිය පනහක් තුන්සීයක් පමණ වරායේ නැවතිලා තිබුණා ඒ්ටික නිදහස් කරගන්නත් කටයුතු කළා.ඒ්වගේම තවත් මාස හතරක් පහකටත් වැඩිය කාලයක් තිබෙන බහලුම් අටසීයක් පමණ තිබෙනවා. ඒ් ඩොලර් ගැටලුව නිසා දැන් ඊටත් අපි විසඳුමක් ලබාදුන්නා. ඒ් නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධව රජයේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරලා තිබෙන බව කිව යුතුයි. ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඬලය ඒ් ගැන අවධානය යොමුකරලා තිබෙන නිසා කිසිම බියක් වෙන්න ඔ්නේ නැහැ. ජනතාවට යුතුකමක් තිබෙනවා භාණ්ඩ එක්රැස් කිරීමෙන් වළකින්න. සමහර අයට මුදල් තිබෙන්න පුළුවන් ඇතමුන්ට මුදල් නැති වෙන්න පුළුවන් ඒ් නිසා ගබඩා කර තබා ගැනිමට පෙළඹුණොත් තව පිරිසකට භාණ්ඩ නැතිවෙනවා ඒ්ක සාමාන්‍ය සිද්ධාන්තයක්. ඒ් නිසා වෙළෙඳපොළ අසාමන්‍ය කරන්න එපා කියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලාෆ් ගෑස් මිල වැඩවීම සම්බන්ධයෙන් මේවනවිට ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත්කර තිබෙන අතර කෙසේ වෙතත් මෙම මිල වැඩිකිරිමේ සාධාරණත්වය ගැන අදාල සමාගම කැඳවා විමසිමක් හා පරීක්ෂණයක් කරන්න මම පාරිභෝගික අධිකාරිය අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. ගෑස් වගේම සිමෙන්ති, කිරිපිටි වැනිදේවලුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් මීට මාස හය හතකට කලින් ඉවත් කර තිබෙන්නේ ඇතැම් සමාගම් මේ භාණ්ඩ ගෙන්වීමෙන් ඉවත් වීමට ගත් තිරණයත් සමගයි. නමුත් මේ භාණ්ඩ යළි නියාමනය කිරිමේ හැකියාව ගැන කටයුතු කිරීමට අපි වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටිනවා.
මෙහිදි අපි උත්සහ කරන්නේ භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළේ තබාගන්නත් පසුව එහි මිල සාධාරණය කරගැනිමටත්ය. නැත්නම් කළුකඩ වෙළෙඳපොළ නිර්මාණයවෙන්න පුළුවන්. ආනයනකරුවන් අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ හා අමුද්‍රව්‍ය ගෙන්වන කමිටු තුනක් තිබෙනවා සියලු ආනයනකරුවන් තමන්ගේ අවශ්‍යතා අනුව ඒ් කමිටු වෙත ගොස් ඉල්ලුම් කළ යුතුයි. පසුව ඒ් අයදුම්පත් මුදල් අමාත්‍යාංශය වෙත යැවිමෙන් පසු ඉන්දියානු ණය ආධාර යටතේ ආනයන කරන භාණ්ඩ සඳහා මුදල් අමාත්‍යාංශය එම අයදුම් පත් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය වෙත යවනවා. ඉන්දියාවෙන් ඉන්ධන ඇතුළු මේ සියලු භාණ්ඩ සඳහා ඩොලර් බිලතියන එකක ණය පහසුකමක් ලබාදී තිබෙනවා.