ගිණිඅවි සහ ජිවඋණ්ඩ රැගෙන බෝඹුරැල්ල රක්ෂිතයට ඇතුළුවු පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දෙවන කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක යූ.එස්. උදයකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) අඹගස්දෝව පොලිස් වසමේ පේරවැල්ල, බෝඹුරුඇල්ල රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව ෂොට්ගන් වර්ගයේ ගිණඅවියක් හා බෝර 12 ජීව උණ්ඩ සන්තකයේ තබාගෙන බෝඹුරුඇල්ල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී සිටි හග්ගල හා හුළංකපොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 හා 45 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඹගස්දෝව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි ෂොට්ගන් අවියක්, බෝර 12 ජීව උණ්ඩ 08ක්, විදුලි පන්දම් 02ක් අත්අංගුවට ගෙන තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් වලදී (06) මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධ සමයේ භාවිතා කළ මෙරට නිෂ්පාදිත පිපුරුම්කාරක පුපුරුවා හැරීම සඳහා යොදා ගන්නා ලැබු RDXෂේප් චාජර් 63ක් සොයාගෙන ඇත. සමන්තුරය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍රයක් නැතිව වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුරය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මුව මස් කිලෝ 13යි ග්‍රෑම් 160ක් හා බෝර 12 වර්ගයේ පතුරොම් දෙකක් , බෝර 12 හිස් පතුරොම් කොපුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් දෙකක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැව කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධිව මත්පැන් ලිටර් විස්සක් හා පෙරීමේ උපකරණ සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ලීටර් 37.5ක්, ගෝඩා ලීටර්325ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් රැඳවියකු පරික්ෂා කිරිමේදි ඇඳගෙන සිටි කොට කලිසමේ දකුණු පැති සාක්කුවේ යට කලිසම ඇතුළත සඟවා ගෙන පැමිණි දුම්කොළ කැබලි අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් පන්සියදහයක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.