29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සහල් අනවශ්‍ය ලෙස තිබෙන මිිල ගණන් යටතේ මිලදි ගෙන එක්රැස් කිරීමට ගියොත්...

සහල් අනවශ්‍ය ලෙස තිබෙන මිිල ගණන් යටතේ මිලදි ගෙන එක්රැස් කිරීමට ගියොත් මිල අධික විය හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගිකයන් සහල් වැඩි වශයෙන් ඔ්නෑම මිලකට මිලදී ගෙන රැස් කර ගැනීමට උත්සක වුවහොත් සහල් මිලද අනවශ්‍ය ලෙස ඉහල යෑමේ ප්‍රවණතාවයක්ද ඇතිවිය හැකි බවද පවතින දත්ත අනුව රටේ සහල් හිඟයක් ඇතිවිය නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටියි.

පවතින දත්ත අනුව ශ්‍රී ලංකාව තුල සහල් හෝ වී හිඟයක් පැවතිය නොහැකි අතර පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට පවතියි. එමෙන්ම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ සහ වෙනත් රටවලින් අධාර වශයෙන් රටතුලට සහල් ලැබෙමින් පවතින නිසාත්, පසුගිය කන්නයේ වී අස්වැන්න වැඩි කොටසක් ඉතිරිව තිබීමත් තවත් මාස කිහිපයකින් යල කන්නයේ වී අස්වැන්න ලැබීමට නියමිත නිසාත් වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇති විය නොහැක. නමුත් පාරිභෝගිකයන් වැරැදි ප්‍රචාරවලට හසුවි අනියත බියක් ඇති කරගෙන වී සහ සහල් තොග එකතු කිරීමේ ප්‍රවණතාවයක් ඉකුත් දිනවල දක්නට ලැබුණී. පසුගිය කොරෝන කාලසීමාවේදිද ඇතැම් පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කිරීමට යාම හේතුවෙන් මෙවැනි කෙටි කාලීන භාණ්ඩ හිඟයක් වෙළෙඳපොල තුල ඇතිවිය.

එසේ පාරිභෝගිකයින් විසින් වෙළෙඳපොලේ පවතින මිලට වඩා වැඩි මිලට වී රැස් කර ගැනීම නිසා අනවශ්‍ය වී හිඟයක් වෙළෙඳපොළ තුල නිර්මාණය විය හැක. මේ හේතුවෙන් වී මෝල් හිමියන් විසින් අඩුමිල ගණන්වලට රැස්කර ගත්වී තොගද වර්තමාන මිලට මිලදී ගත් බව හඟවමින් වැඩිමිලට සහල් අලෙවි කිරීමේ ප්‍රවණතාවයක් ඇති විය හැක.

එමෙන්ම පාරිභෝගිකයන් විසින් සහල් වැඩි වශයෙන් ඔ්නෑම මිලකට මිලදී ගෙන රැස් කර ගැනීමේ ප්‍රවණතායක් ඇති වුවහොත් සහල් මිලද අනවශ්‍ය ලෙස ඉහල යෑමේ ප්‍රවණතාවයක්ද ඇතිවිය හැක.

මෙවැනි තත්වයන් ඇතිවීම වළක්වා ගැනිම සඳහා දිවයින පුරා වෙළෙඳපොල විමර්ශනයන් දියත් කර ඇත. ඒ් අනුව (08) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සම්බන්ධ වැටලීම් සිදුකරන ලද අතර එහිදි වැඩි මිලට සහල් විකිණීම් පිළිබඳ අධිකාරිය මගින් සහල් සම්බන්ධ වැටලිම් සිදුකරනු ලැබු අතර ඒහිදි වැඩිමිලට සහල් විකිණීම සම්බන්ධ වැටලීම් 07ක් සහ මිල ප්‍රදර්ශනය නොකිරීම් සම්බන්ධ වැටලීම් 30ක් සිදුකර තිබේ. මෙම ජූනි මාසය තුල මේ දක්වා වැඩිමිලට සහල් විකිණීම් සම්බන්ධ වැටලීම් 19ක් සහ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධ වැටලිම් 70ක් සිදුකර ඇත. වැඩිමිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර සහල් සම්බන්ධ වැටලීම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මකයි.

අනවශ්‍ය ලෙස තොග රැස් කිරීමෙන් වළකින ලෙසත්, තමන්ට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් මිලදි ගැනිමට කටයුතු කර ලෙසත් පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments