29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වරායෙන් ඇපල් කිලෝ 24,000 සත්වෝද්‍යානයට.

වරායෙන් ඇපල් කිලෝ 24,000 සත්වෝද්‍යානයට.

හිමිකරුවන් ඉවත් කර නොගත් කොළඹ වරායේ තිබූ ඇපල් තොගයක් දෙහිවල සත්වෝද්‍යානයට ලබාදීම වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු කෙරිණ. කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (CICT) පැමිණි තිබූ මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් මෙරටට ආනයනය කර ඇත. එය මේ දක්වා ආනයනකරුවන් ඉවත් කර නොගැනීම පිළිබඳ තමන්ට වාර්තා පසු ඒ පිළිබඳ සොයා බලා, වරාය,රේගුව හා සී.අයි.සී.ටී යන ආයතන සමඟ සාකච්ඡා කර මෙම ඇපල් තොගය සත්වෝද්‍යානයට ලබාදීමට පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.

වරාය මෙලෙස රඳවාගෙන ඇති ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය විනාශ වීමට ඉඩ නොතබා කිසියම් ඵලදායි කාර්යයකට යොදා ගැනීමට පියවර ගත යුතු ඇතැයි අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. මෙම බහාලුම තුළ ඇපල් කිලෝ ග්‍රෑම් 24,000 එනම් ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි CICT සමාගමේ ප්‍රධානී ජැක් හොන්ග් (Jack Huang) මහතා පවසයි. මෙහි දල වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න වන බව වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රභාත් ජයන්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ඇපල් තොගය දෙහිවල සත්වෝද්‍යානයට ප්‍රවාහනය කරදීමට ද CICT සමාගම සහ වරාය අධිකාරිය එකඟ විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ද වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා උප සභාපති ගයාන් අලගියවත්තගේ මහතා සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා සහ රේගු නිලධාරීහු ද සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments