22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සහ කළ...

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සහ කළ අය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු වවිනියාවේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ඒ.එම්.පි.එන්. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) වව්නියාව පොලිස් වසමේ තාන්ඩ්කුලම්, නොච්ච්මොටේ, පාලම අසල දී අයිස් මත්ද්‍ර‍ව්‍ය මිලි ග්‍රෑම් 1,350 ක් හා ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 263,500.00 ළඟ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි වවිනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බන්ධනාගාරයතුලට තහනම් ද්‍රව්‍ය රැගෙනයාමට තැත්කල රැඳවියෙකු විශේෂ කාර්ය බලකායේ බන්ධනාගාර සොදිසි නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අගුණකොළපැලැස්ස කඳවුරේ උප පොලිස් පරික්ෂක දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය පරීක්‍ෂා කරන ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර තාවකාලිකව රැඳවියන් රඳවා තබන රැදවුම් කුඨියේ රඳවා තබා සිටි අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක රැඳවියෙකු පරීක්ෂා කිරීමේ දී පොලිතීන් කැබලි වලින් ඔතන ලද දුම්කොල සුරුට්ටු ගුද මාර්ගයේ සඟවාගෙන සිටිය දී සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පොලිස් නියාමක ඩි.එස්. ප්‍ර‍සංග නිලධාරියා වෙත භාර දී ඇත

එහිදි දුම්කොළ සුරුට්ටු තුනක් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් පන්නල පොලිස් වසමේදී මා ඔය රක්ෂිතයේ ඇලමුල්ල වත්ත මංකඩ නාලවලාන ප්‍රදේශයේදි නීතිවිරෝධි ලෙස මා ඔයට ටිපර් රථයක් බස්සවා වැලි පටවා ප්‍රවාහනයට සූදානම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments