23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශීය සුදු හා රතු කැකුළු සහල් අලෙවි කිරීමේ උපරිම සිල්ලර මිල නියම...

දේශීය සුදු හා රතු කැකුළු සහල් අලෙවි කිරීමේ උපරිම සිල්ලර මිල නියම කෙරේ.

දේශීය සුදු හා රතු කැකුළු සහල් අලෙවි කිරීමේ උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 210ක් ලෙස මිල නියම කරමින් ගැසට් පත්‍රය නිකුත්වී තිබේ.

ඒ් අනුව ඉකුත් (10) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල ක්‍රියාත්මකවේ.

මේවනවිටත් නාඩු කිලෝ එකක් රුපියල් 220ක්, සම්බා කිලෝ එකක් රුපියල් 230ක්, කීරි සම්බා කිලෝ එකක් රුපියල් 260ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

මේ සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියා. ඉකුත් සති තුනක පමණ කාලය තුලා රටේ ජනතාව තුල මතයක් ඇතිවුණා ආහාර හිඟයක් එන බවට. ඒ් අනුව ජනතාව තොග රැස්කරමින් මිලදි ගැනීම් ඉහල දැම්මා. මෙහිදි සහල්වලට ඇතිවු ඉල්ලුම වැඩිවීම නිසා ඒ්වයේ මිල වැඩිකරන ලෙස සහල්මෝල් හිමියන් ඉල්ලා සිටිනවා. නමුත් මීට පෙර සහල් වැඩිවීමේදී රුපියල් දහයක් ඒ් අයට ලබාදී තිබෙන නිසා සහල් මෝල් හිමියන්ට මේ අවස්ථාවේදි ඇහුම්කන් දෙන්න හැකියාවක් නැහැ.

ඉදිරියේදි පරිප්පු, සීනි වැනි භාණ්ඩවල මිල තවත් ඉහල ගියෝත් ඒ්වා ගැනත් තීරණයක් ගැනීම සඳහා කටයුතු කිරිමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් සමග කටයුතු කරමින් සිටිනවා.

වෙළෙඳ අමාත්‍යාංශය නිතරම සිතන්නේ ජනතාව ගැනයි. භාණ්ඩ මිල අඩුකළාම ඒ්වා වෙළෙඳ පොළේ හිඟ වෙනවා. ඇතැහ් අය කියනවා මිල වැඩිවුණාට කමක් නැහැ අපිට බඩු අවශ්‍යයි කියලා. ඒ් නිසා මෙවැනි අවස්ථාවල ජනතාවගේ සහයෝගය අපිට අවශ්‍යයි අනවශ්‍ය තොගරැස් කිරීම්වලට යන්න එපා කියන එක තමයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

රටේ සහල් කොපමණද තිබෙන්නේ කියන එක පිළිබඳ සෙවීම වැදගත් ඒ් සඳහා නිතරම නිවැරැදි තොරතුරු අපිට ලැබෙනවා කියලා සිතන්න අපහසුයි.ගොවිමහතුන් ළඟ, තොගරැස් කරන අය හා සහල් මෝල් හිමියන් ළඟ සහල් තොග තිබෙනවා. මේවා කලින් කලට වෙනස් වෙනවා. ඒ් නිසා මාසයෙන් මාසයටවත් මේ ගැන ගණන් බැලීමක් සිදුවිය යුතුයි කියලා මම කල්පනා කරනවා.

සහල් වැඩිමිලට අලෙවි කිරීම, සඟවා තැබිම් ගැන අපිව සමාජ මාධ්‍ය මගින් හෝ දැනුවත් කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

එක් සමාගමක් ගෑස් මිල වැඩිකිරීම ගැන මම වාර්තාවක් කැඳවලා තිබෙනවා එම වාර්තාව මේ සතියේ ලැබීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments