මෙරට නිෂ්පාදිත ගිණිඅවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එම්.ටී. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) දමන පොලිස් වසමේ පන්නල්ගම වැව් ඉස්මත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර කිසියම් අපරාධයක් කිරිමෙි අරමුණින් මෙරට නිෂ්පදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු දෙකක් ළඟ තබාගෙන සිටි අමිපාර ප්‍රදේශයේ නැවුගල හා උඩපංගුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 හා 39 වයසේ පසුවන පුද්ගලන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කේරළ ගංජා ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මන්නාරම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එම්.පි.එන්. රංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) මන්නාරම පොලිස් වසමේ තලෙයිමන්නාරම පාර, එලෙචූර් හන්දිය අසල දී වැටලීමක් සිදුකර දකුණු ඉන්දියාවෙි සිට හොර රහසේ මෙරටට රැගෙන එන ලැබු රුපියල් දසලක්ෂයකට වැඩි වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 200 සන්තකයේ තබාගෙන කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පුරාවස්තු සොයා කැණීම් සිදුකල පුද්ගලයන් පස්දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක එම්.ඩී.එස්. සදරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මිහින්තලය පොලිස් වසමේ අංක 587 දොරමඩලාව ග්‍රාමසේවා වසමේ යාය 04 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර පෞරාණික වටිනාකමකින් යුක්ත පුරාවස්තු සෙවිමේ අදහසින් පතල් හා කැණිම් කාර්යන්ශයෙන් නිත්‍යානුකුල බලපත්‍රයක් නොමැතිව පුරාවස්තු සෙවිමේ අදහසින් කැණිම් සිදු කරමින් සිටි අනුරාධපුර , මිහින්තලය ,අත්තනකඩවල,මෙගොඩවැව, එප්පාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 68 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 05 දෙෙනකු අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිහින්තලය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි විදුම් යන්ත්‍රයක්, විදුම් කටු 04ක්, ගල් කටු 03ක්, යකඩ ඉනි 02ක්, යකඩ බෝල මිටි 02ක්, කුළු ගෙඩියක්, යකඩ අඩු මිටියක්, පිකස් 02ක්,උදැල්ලක්,චේන් බොලොක්කයක්,යකඩ තාච්චි දෙකක්,යකඩ දම්වැල්04ක්,
කැන්වස් බෙල්ට් එකක්,පිලමන්ට් 01ක්((පිපුරුම්කාරකය),කඩවර ගොටු 02ක්, පන්දම් 05ක්,හදුන්කූරු පෙට්ටියක්, රතු පැහැති රෙදි කැබලි 03ක්,සුදු පැහැති රෙදි කැබල්ලක්,පහනක්, පොල්තේල් අඩංගු බෝතල් 03ක්, ආරක්ෂක නූල් 06ක්,හදුන් තෙල් බෝතල්යක්,පහන්තිර පෙට්ටි 02ක්, ඇලුමිනියම් කේතලයක් අත්අඩංගුවට ගෙන තිබේ.