21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු වත්තල දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14 )වන දින වත්තල පොලිස් වසමේ වත්තල කාර්ගීල්ස් සුපිරි වෙළදසැල අසල දී අයිස් මත්ද්‍ර‍ව්‍ය කිලෝග්‍රෑම් 01, ග්‍රෑමි 20 ක් සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

ඓතිහාසික පුජා නගරයේදී හෙරොයින් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එච්.එම්.ජි. ජගත් බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) තලාතුඔය පොලිස් වසමේ රජ මාවත, හාරගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ජාවාරම් කිරීම සඳහා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මහනුවර කපුලියද්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලාතුඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි හෙරොයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 840 යි,රුපියල් 1,000.00 මුදල් නෝට්ටු02 යි,වෑන් රථ 01 යි (52 – 8899), ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments