සංස්ථාපිත ආයතනවලට දේශපාලනික වශයෙන් පත්කර ඇති සභාපති,උප සභාපති,විධායක අධ්‍යක්ෂ ඇතුළු අනෙකුක් තනතුරු සඳහා එම ආයතනවල දැනට සේවයේ නියුතු විධායක නිලධාරින් පත්කරන ලෙස අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ඇතුළු තවත් සංගම් කිහිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි.
රටතුල ක්‍රියාත්මකවන අර්ධ රාජ්‍ය ආයතන වන සංස්ථා, අධිකාරි ඇතළු සංෂ්ථාපිත ආයතන 520කට වැඩි ප්‍රමාණයක් තිබෙන අතර මේ ආයතනවල පවතින දේශපාලන තනතුරු වන සභාපති,උප සභාපති, විධායක අධ්‍යක්ෂ හා අනෙක් අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා කාලයක් තිස්සේ වෘත්තීය සුදුසුකම් නොමැති අධ්‍යාපන සුදුසුකම් නොමැති දේශපාලනයට සම්බන්ධ අය ආණ්ඩුව විසින් පත්කර ඇත. මෙම තනතුරු දරන්නන්ගේ හැකියාව,රටට කරන සේවාව කිසිසේත් ඇගයීමට ලක්කළ නොහැකිවේ. අදවන විට රටේ ආහාර හිඟය,ඉන්ධන හිඟය,ගෑස් හිගය,පොහොර හිගය,බෙහෙත් හිගය දැඩි ලෙස දක්නට ඇත්තේ දේශපාලන තනතුරු දරන මෙම කණ්ඩායමේ නොහැකියාව නිසා බව ඔබතුමාට කාරුණිකව පෙන්වා දෙමු.
උක්ත සදහන් පරිදි පෙන්වා දී ඇති සංස්ථාපිත ආයතනයක දේශපාලන තනතුරු දරන සභාපති,උප සභාපති, විධායක අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩලවල තනතුරු දරන අය හට ඔවුන්ගේ වැටුප් හා දීමනා සඳහාත්,යාන වාහන සඳහාත්,කාර්යාල වියදම් සඳහාත්,එම තනතුරු දරන්නන්ගේ කාර්ය මණ්ඩල සඳහාත් රජය අවම වශයෙන් මසකට රුපියල් ලක්ෂ 10කට වඩා වියදම් දරනු ලබයි. නමුත් මේ අයහට මෙසේ වියදමක් රජය විසින් දරණු ලැබුවත් මෙම ආයතන තුලින් ජනතාවට හා රටට ලැබෙන ප්‍රතිළුලය බෙහෙවින් අඩුවේ. අවම වශයෙන් මෙම සංස්ථාපිත ආයතන 520 තුල උක්ත තනතුරු දරන්නන් සඳහා රජයට රුපියල් ලක්ෂ 5200ක් වත් මාසිකව වියදම් කිරීමට සිදුවේ. නමුත් උක්ත තනතුරු දැරූ පුද්ගලයන් තම තනතුර අවසන් වූවාට පසු ඔවුන් සිදුකළ ළුලදායි නොවන ක්‍රියාවන් සම්බන්ධව කිසිම අවස්ථාවක වගකීමක් දරා නොමැත.
රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා උක්ත දේශපාලන තනතුරු දරන්නන් ඉවත් කොට ඒ ඒ සංස්ථාපිත ආයනවල දැනට සේවයේ නියුතු විධායක නිලධාරින් ගෙවීමක් නොමැතිව එම තනතුරුවල වැඩ ආවරණය කිරීම සඳහා යෙදවීමට කටයුතු සිදු කරන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තවද මෙම සංස්ථාපිත ආයතනවල තනතුරු දැරූ උක්ත පුද්ගලයන්ගේ සේවාවේ ළුලදායිතාවය පිළිබඳව කෝප් කමිටුව හරහා විගණනයක් සිදුකර ආකාර්යක්ෂමතාවය සිදුකල උක්ත තනතුරු දැරූ අයවලුන්ගෙන් රජයට අධිභාරයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු. අප පක්ෂය ඇතුළු අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය, ශ්‍රි ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොදු සේවක සංගමය, සී/ස ශ්‍රි ජයවර්ධනපුර විවිධ සේවා සමුපකාර සමිතියේ පොදු සේවක සංගමය ඒකාබද්ධ වි මෙම ඉල්ලීම ඔබතුමාගෙන් සිදුකරන බව කාරුණිකව සඳහන් කරමු.