බලපත්‍ර නැතිව ඩීසල් ලීටර් 305 ක් ගබඩාකළ පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) පාදුක්ක පොලිස් වසමේ අංක 11, කන්දවත්ත, පොල්වත්ත, පාදුක්ක ලිපිනයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව ඩීසල් ගබඩා කිරීම සම්බන්ධයෙන් පාදුක්ක හා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33, 41ක යන වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි ඩීසල් ලීටර් 305 ක් සහ ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගෙන ඇත.
සෙරෙප්පුවක් තුල ජංගම දුරකතනයක් සගවා බන්ධනාගාරය තුලට රැගෙන ආ රැඳවියකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර කඳවුරේ පොලිස් සැරයන් 9457 සමරතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය පරීක්‍ෂා කරන ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙනැනීමෙි වරදකට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර ගතකීරිමට රැගෙනආ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයකු ඔහු පැලඳ එන ලද සෙරෙප්පුවෙහි ඇතුලත සකස් කරන ලද කුහරයක් තුළ සුක්ෂම අයුරින් ජංගම දුරකථනයක් සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කිරිමෙිදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙවන පෙළ ජේලර් පී.එම්. කුලරත්න යන අය වෙත භාර දී ඇත.
එහිදි ජංගම දුරකතනයක් හා සිම්පතක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය ඉබලකාය සිය දෛනික වැටලීම් වලදී (15)
ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේ කරන්කෝව ප්‍රදේශයේදී වලංගු බලපත්‍රයක් නැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුව ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් දොම්පේ පොලිස් වසමේ පහල මාපිටිගම සමාගම්මඩුව අසලදි හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ගලේවල පොලිස් වසමේ ගල්පොත්තම්මුල්ල වාසල කෝට්ටේ ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් සහ එම මත්පැන් පෙරීමට ගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් කුච්චවේලි පොලිස් වසමේ පන්කුලම් යෝජිත රක්ෂිත ප්‍රදේශයේදි යෝජිත රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක් පමණ භූමියක කැලෑව එළිපෙහෙලි කරමින් ගිණිතබමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ වල්ලිපුනම් ප්‍රදේශයේදි මාර්ගයේ නවතා තිබු සැකසහිත යතුරුපැදියක් පරික්ෂා කිරීමේදි කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබු සැකකරුවන්නැතිව යතුරු පැදියක් සොයාගෙන ඇත. නෙල්ලඩි කඳවුරේ නිලධාරි පිරිසක් පේදුරුතුඩුව පොලිස් වසමේ මනල්කාඩු ප්‍රදේශයේදි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කරමින ්සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අගුණකොළ පැලැස්ස කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩල පරික්ෂා කරන ස්ථානයෙදී බන්ධනාගාර පරිශ්‍රයතුලට තහනම් භාණ්ඩ තම ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා රැගෙන යෑමට උත්සහ කළ රැඳවියකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් ආරච්චිකට්ටුව පොලිස් වසමේ බුරුතකැලේ හලාවත ප්‍රදේශයේදි ගෝඩා සහ නීතිවිරෝධි මත්පැන් පෙරිමට භාවිතා කරනු ලබන උපකරණළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ පට්ටිතෝට්ටම් ප්‍රදේශයේදි නීතිවිරෝධිව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින්සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ මඩු රක්ෂිතයේ මඩුකුලම් ප්‍රදේශයේදී රක්ෂිතයෙන් අනවසරයෙන් කපා ප්‍රවාහනය සඳහා සූදානම්කර තිබු විවිධ ප්‍රමාණයෙන් යුතු බුරුත දැව කඳන්සහ කැබ්රථයක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන ඇත.
