26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිශේෂාංගආහාර අර්බුදයට පොලිස් විශේෂ කාර්ය බලකාය සෝජාන් ක්‍රමයට වගා සංග්‍රාමයක් ආරම්භ...

ආහාර අර්බුදයට පොලිස් විශේෂ කාර්ය බලකාය සෝජාන් ක්‍රමයට වගා සංග්‍රාමයක් ආරම්භ කරයි.

රටේ වර්තමානයේ ඇතිවී තිබෙන දැඩි ආහාර අර්බුදයට පිලියමක් ලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත පැවරෙන රාජකාරි වලට අමතරව මෙයට වසර දෙකකට පෙර සිට වගා සංග්‍රාම කටයුතු ආරම්භ කර තිබේ.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මඟ පෙන්වීම සහ සෘජු අධීක්ෂණය යටතේ දිවයින පුරා පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු වල නිලධාරීන්ගේ දායකත්වයෙන් වගා කටයුතු ආරම්භ කරන ලදී .එහි සාර්ථකත්වය ලෙස මෙවර රජ්‍ය සේවා ආයතන අතර පැවති වගා සංග්‍රාම තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මඩකලපු කඳවුර සමත් විය .

මෙහිදි කාබනික පොහොර ආශ්‍රිතව සිදුකරනු ලැබු කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ලෙස බෝග වගාව විශේෂ කාර්ය බලකාය ආරම්භ කරන ලද අතර ඒ මගින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අතර කාර්යක්ෂමතාවය සහ වස විසෙන් තොර ආහාර ලබාගැනීමෙන් නිරෝගීභාවය ,ආහාර සඳහා යන වියදම අවම මට්ටමක පවත්වාගෙන යෑම ආදී කරුණු රාශියක් සාක්ෂාත් කර කරගැනීමට හැකි විය. (15) පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් යුතුව අධ්‍යක්ෂ පුහුණු විශේෂ කාර්ය බලකාය කළුතර කලාප අණදෙන නිලධාරි අධිවේගී මාර්ගයේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් යුතුව කළුතර බේරුවල මහ වෙල් යාය ප්‍රදේශයේ අක්කර 7ක පමණ පුරන්ව ගිය වගුරු බිමක් මැලේසියාව ඉන්දුනීසියාව තායිලන්තය වැනි රටවල් අනුගමනය කරන ලෝකයේ දියුණුම වගා කිරීමේ තාක්ෂණික ක්‍රමයක් වන සෝජාන් ක්‍රමය මෙරටට හඳුන්වා දෙන නියමු ව්‍යාපෘතියක් සහ ආදර්ශ වගා බිමක් ලෙස ලෙස ආරම්භ කරනු ලැබීය. සෝජාන් ක්‍රමය යටතේ පොල් පැළ සිටුවීම ආරම්භ කළහ. සියලුම රාජ්‍ය ආයතන සහයෝගිත්වයෙන් රාජ්‍ය ආයතනයන් අතර මනා සංහිඳියාවක් ඇති කිරීමත් රටට වැඩදායක ශක්තිමත් රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම හා දැනුම හුවමාරු කර ගැනීමත් සමස්ත රටටම ආර්ථික පුනර්ජීවනයක් ආරම්භ කිරීමත් මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.

මේ සඳහා සියලුම රාජ්‍ය ආයතන වල එකමුතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායෙ ශ්‍රම දායකත්වයෙන් සෝජාන් ආදර්ශ වගා බිම ආරම්භ කරනු ලැබිය. කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති ගිනිගේ ප්‍රසන්න ජානක මහතාගේ සෘජු දායකත්වය සහ උපදේශකත්වය මේ සඳහා ලැබුණු අතර මෙම සෝජාන් වගා ක්‍රමය යටතේ පොල් වලට අමතරව මිරිදිය මත්ස්‍ය වගාවද සිදුකරන අතර එයට සමගාමීව එළවළු සහ වෙනත් බෝග වගා කරනු ලබයි .අධ්‍යක්ෂ කෘෂිකර්ම ජේ.ඒ.තුසිත නන්දන මහතා අවශ්‍ය බීජ සහ වගා කරන කටයුතු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ මෙම සත්කාරය බල ගැන්වීමට දායකත්වය ලබා දෙන ලදී .එමෙන්ම භූමිය සහ පස සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ යන්ත්‍රෝපකරණ ලබාදෙමින් වාරිමාර්ග ඉංජිනේරු සංජීවනි මහත්මියද ,ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් කළුතර අරුණි අබේවික්‍රම මහත්මිය ද ,නියෝජ්‍ය අධ්‍යක්ෂ පළාත් කෘෂිකර්ම කළුතර නිලක්ෂි මහත්මියද ,දිස්ත්‍රික් කෘෂි ව්‍යාපාර උපදේශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පාලිත මහතා යන නිලධාරීන් නිලධාරිනියන් විශාල කාර්යභාරයක් ඉටු කරන ලද අතරඅවශ්‍ය පොල් පැල ලබාදෙමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු බමුණුආරච්චි මහතාද මෙම සත්කාරය සඳහා දායකත්වය සපයන ලදී .ඉදිරියේදී පුරන් කුඹුරු අක්කර සියයක් සහ පොල් අක්කර 45ක් වගා කිරීම සඳහා දැනටමත් සියලු කටයුතු සංවිධානය කර ඇති විශේෂ කාර්ය බලකාය පශ්චාත් යුද සමයෙන් පසු තමන් වෙත පැවරෙන වගකීම වගවීමෙන් ඉටුකරන අතර රටේ පවතින ආහාර අර්බුදය සඳහා සියලු රාජ්‍ය ආයතන හා අත්වැල් බැඳගනිමින් මෙම සත්කාරය අරඹා සෝජාන් ක්‍රමය ප්‍රචලිත කිරීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ කලාපයක් ලෙස දැඩි ආහාර හිඟයට පිළියමක් ලෙසත් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම මුඛ්‍යපරමාර්ථය ලෙස සිදුකර ගෙන යයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments