රුපියල් ලක්ෂ දහයකට වැඩි වටිනාකමකින් ඇති හෂීෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.ක්.ඩී.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) එඩේරමුල්ල පොලිස් වසමේ අංක 242/1/G, එඩේරමුල්ල, වත්තල ලිපිනයේ පිහිටි ලක්ෂිකා කර්ටන්ස් ආයතනය ඉදිරිපිට බුදු මැදුර අසල දී වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ දහයකට වැඩි වටිනාකමකින් යුතු හෂීෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඩේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් වලදී සංවිධානාත් මක අපරාධ මර්දන ඒ්කකය 11හි නිලධාරීන් පිරිසක් තීරුබදු රහිතව මෙරටට ආනයනය කරනු ලැබු රජයේ අවවාදය සටහන් කර නැති අලෙවිය සඳහා සූදානම් කර තිබු MANCHESTER වර්ගයේ දුම්වැටි 1600න් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ කඳවුරේ නිලධාරින් පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ කඳවුරේ නිලධාරින් පිරිසක් නීති විරෝධි මත්පැන් පෙරිමට ගන්නා ගෝඩා මිලි ලීටර් 140000ක් හා පෙරිමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු හා දේපළ අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් පිරිසක් නීති විරෝධි මත්ද්‍රව්‍යක් වන කැනබිස් සැටයිටා හෙවත් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පොළ කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
