යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ (18) දින සිය රෙජිමේන්තුවේ ප්‍රථම නිල සංචාරයේ නිරත වුණා.
එහිදි ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ එතුමන් පිළිගත් අතර සාම්ප්‍රදායනුකූලව කදවුරු මුරයක් සහ වර්ණ ධජගණයකින් සමන්විත සම්මාන පෙලපාලියකින් අද දිනය වර්ණවත් විය.
ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ දෙවන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට එක්වනවා.
යුද්ධ හමුදාධිතිතුමන් වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියා.