මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ ආරක්‍ෂක මුරපොළක සේවයේ නියුතුව සිටි යුද්ධ හමුදා භටපිරිස් කුපිත කරවීමේ අරමුණින් බීමත්ව සිටි පිරිසක් විසින් සැලසුම් සහගතව ඊයේ (18) සෙනසුරාදා දින රාත්‍රි 08.00 ට පමණ එම යුද්ධ හමුදා භටපිරිස් වෙත වීදුරු බෝතල් සහ ගල් ප්‍රහාරයන් එල්ලකර ඇති අතර යුද්ධ හමුදා භටපිරිස් විසින් ඔවුන් වෙත අනතුරු අඟවමින් අහසට වෙඩි ප්‍රහාරයන් කිහිපයක් තබා කලහකාරී පිරිසෙහි උත්සහයන් ව්‍යාර්ථ කරනු ලැබීය.
කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් මෙන්ම අතිරේක භටපිරිස් එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එම සිදුවීමෙන් යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිදුවීම ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය සහ සහයෝගීතාවය අවශ්‍යයෙන්ම කඩාකප්පල් කිරීමේ අරමුණ පෙරදැරිව යම් සැකකටයුතු පිරිසක් විසින් සිදුකරනු ලැබූ උත්සහයක් බව මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත.
යුද්ධ හමුදා භටපිරිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා විශ්වමඩු පොලිසිය වෙත භාර දී ඇත.