රටේ ජනතාව මත ආණ්ඩුව හෙළා තිබෙන මර්දනකාරී සහ පීඩාකාරී මරුපහරට එරෙහිව සමස්ත කලාකරුවන් වෙනුවෙන් ප්‍රකාශ කිරීමට ජන නියමු කලාකරුවෝ ඉදිරිපත් වෙනවා. මේ දවස්වල අසන්නට දකින්නට ලැබෙන සිත් සසල කරවන දර්ශන බහුලයි. ඉන්ධන සහ ගැස් පෝලිම්වල අසරණ අහිංසක ජනතාව මිය යනවා. අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වල නැතිව දරුවන් සහ රෝගීන් මිය යනවා. කුසගින්න දරාගත නොහැකිව යාචකයන් වී සිටින පිරිස් අපි දක්නවා. අවශ්‍ය පොහොර නැතිව ගොවියෝ විලාප නගනවා. මුහුදු යන්න බැරිව ධීවරයෝ කන්නලව් කරනවා. තම දරුවන්ගේ කුස පුරවන්න බැරි මව්වරුන් සෝ සුසුම් හෙළනවා. අයිතිවාසිකම් ඉල්ලලා අරගල කරන්න තරුණයන් සහ ශිෂ්‍යයන් හට මර්දනය දියත් කර පැහැරගෙන යනවා. මෙවැනි පීඩාකාරී තත්වයක් තුළ රනිල්-ගෝටා අශුද්ධ සන්ධානය ජනතාවට දෙන විසඳුම මොකක්ද? මර්දනය සහ රැවටිල්ල හැර වෙන කිසිම විසඳුමක් මෙම පාලකයන් ජනතාවට දෙන්න සූදානම් නැහැ. “අවම බලය” කියන නියෝගය යටතේ ආරක්ෂක හමුදා සහ පොලිසිය අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන සියලුම ජන කොටස් මර්දනය කිරීමට ක්‍රියාකර තිබෙනවා. පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා දකින්න තියෙන්නේ මේ තත්වයයි.
තවදුරටත් අපි මර්දනය දරාගෙන සිටිය යුතුද කියලා ජනතාවගෙන් අහනවා. පීඩනය තවදුරටත් දරා නොසිට රනිල්-ගෝටා ජන පීඩක ආණ්ඩුව පළවා හැරිය යුතු බව අපි යෝජනා කරනවා. පසුගිය මැයි 09 වැනිදා මහින්ද රාජපක්ෂගේ මැර කල්ලියක් ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදී අරගල කළ තරුණයන්ට පහරදී පලවා හැරියා. මේ දූෂිත පාලනය මේ භූමියෙන් ඉවත් කරන්න ජනතාව පෙළගැසී සිටියා. නමුත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් රනිල් වික්‍රමසිංහ කියන චෞර නායකයා ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වුණා. මේ රටේ මර්දනීය නායකයන් දෙදෙනෙක් එක පිළට හිටගෙන ජනතාවට පීඩනය එල්ල කරනවා. මේ රටේ ආගමික නායකයෝ සහ සිවිල් ක්‍රියාකාරිකයෝ ඉල්ලා සිටි තාවකාලික ආණ්ඩුවක් පත්කර ගැනීම පැත්තකට දැම්මා. නමුත් සියලුම ජන නායකයෝ සහ ආගමික නායකයන් කළ ඒ ඉල්ලීම පැත්තකට දමා මැතිවරණය සම්පූර්ණයෙන්ම ආපස්සට දාලා. ජාතික සම්පත් සියල්ල ජාවාරම්කාර පිටරැටියන්ට විකුණමින් පාලනය ගෙනයනවා. ජනතාවගේ පීඩාව හඳුනන ඔවුන් සමග මහපොළොවේ සිටගෙන ඉන්න කලාකරුවෝ හැටියට අපි විශේෂ යෝජනාවක් කරනවා. මහජනතාව තනි තනිව පෝලිම්වල විරෝධතාව පානවා වෙනුවට සංවිධානාත්මකව පොදු විසඳුම් සොයන්න ඕනෑ. පෞද්ගලිකව විසඳුම් සොයන්න ගියොත් මර්දනය දියත් කරන්න ආණ්ඩුවට විශාල අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා සංවිධානය වීම හැර අපේ රටේ දැවෙන ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ. ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙලා තිබෙන්නේ මර්දනකාරී ආණ්ඩුවට. ඒ අවස්ථාව අපි ඔවුන්ට නොදිය යුතුයි.
එකාවන්ව එකතු වෙලා මහා මැතිවරණයක් ලබාගැනීමේ අරමුණින් පෙළගැසිය යුතුයි. ජනතාව පෙළන ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැක්කේ පොදු ජනතාවගේ පාලනයක් තුළින් පමණයි. අපි විශ්වාස කරන්නෙත් අපි පෙනී සිටින්නෙත් ඒ වෙනුවෙන්. මේ මර්දනය සහ පීඩනය හෙළා දකිනවා වගේම රටේ සියලු ප්‍රගතිශීලී ජන කොටස් සමග එකතු වෙලා ජන බලයක් ගොඩනඟා මේ ප්‍රශ්නයට විසඳුම් සොයමු කියලා ඉල්ලා සිටිනවා.
අරගලය තියෙන්නේ ජනතාවගේ හදවතේ
නාට්‍යවේදී – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක,නම්බු පිටින් බැහැලා යන පාලකයෝ නැහැ – පව් නොදී බැහැලා යන්න ජන නියමු කලාකරුවෝ සංවිධානයේ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ,කිසිදු ආකාරයකට ප්‍රචණ්ඩ නොවූ අයට පිස්තෝල එල්ල කළාජන නියමු කලාකරුවෝ සංවිධානයේ, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වාස්තු විද්‍යාඥ සිතුමිණ රත්නමලල,අපි ගෝටාභය රාජපක්ෂට ගෙදර ඉන්න කීවේ පසුගිය ජනාධිපතිවරණයේදීයි ජන නියමු කලාකරුවෝ සංවිධානයේ සංජීව ගුණරත්න,