21.6 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්කම්කරු ගැටලු කඩිනමින් විසඳීමට ගෙනා කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (21)...

කම්කරු ගැටලු කඩිනමින් විසඳීමට ගෙනා කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (21) පාර්ලිමේන්තුවේදී සම්මතයි…

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් විවාද කිරීමකින් තොරව සම්මතයි

කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය.
නීතිය මගින් නියම කරන ලද විධිවිධාන යටතේ සියලුම අපරාධ හෝ සිවිල් නඩු ඇසීම, විභාග කිරීම, තීරණය කිරීම සහ අවසන් කිරීම සදහා කම්කරු විනිශචය අධිකාරිවල සභාපතිවරයන් අතිරේක මහේස්ත්‍රාත්වරයන් ලෙස සැලකීම හා ඒ හා සබැදි කරුණු සදහා විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පත මගින් සිදුවේ.
වර්තමානයේදී, කාර්මික ආරවුල් පනතට අනුව සේවකයන්ගේ සේවය අවසන් වූ අවස්ථාවන්හි, ඒ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ නඩු කටයුතු පමණක් කම්කරු විනිශ්චය අධිකාරියක් යටතේ සිදු කෙරෙයි. සේවක අර්ථ සාධක අරමුදල, වැටුප්, වෙනත් සේවා කොන්දේසි හා තත්ත්වයන් පිළිබඳව වූ විවිධාකාර පනත්වල ඇති ප්‍රතිපාදනයන්ට හාම්පුතුන් එකඟ නොවන හෝ එම රෙගුලාසීන් කඩකරන අවස්ථාවකදී, නඩු පැවරීම මහේස්ත්‍රාත් අධිකරණයන් තුළ දී සිදු කරනු ලැබේ.
මෙහිදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ 80 ක පමණ නඩුකරයන් 16000කට අධික ප්‍රමාණයක් පවරනු ලැබ තිබීමයි. මෙම නිසා අගතියට පත් සේවකයින්ට යම් සාධාරණයක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බව ද, දැනට ඉතා සුළු ප්‍රමාණයක නඩු කටයුතු සිදුකරන, දිවයින පුරා ස්ථාපිත කම්කරු විනිශ්චය සභා 37 ක් වෙත මෙම නඩු කටයුතු පවරන්නේ නම්, අගතියට පත්වන පාර්ශවයට සධාරණයක් ඉටු කිරීම කඩිනම් කළ හැකි බවටද පසුගිය කාලය තුළ යෝජනා ඉදිරිපත්වී ඇත.
එහෙයින්, මෙම පනත මඟින් එම නඩු කටයුතු කරගෙන යෑමේ බලතල කම්කරු විනිශ්චය සභාවල සභාපතිවරුන්ට පැවැරීම සිදුවේ. මීට පෙරද මෙලෙස කම්කරු විනිශ්චය සභාවන්ට පෙර කී බලය පැවරී තිබුණු අතර එමඟින් බොහෝ නඩු කටයුතු කඩිනමින් විසඳා ගත හැකි වූ බව ද, පසුව එම බලතල අහෝසි කෙරුණු බවද මෙම පනත් කෙටුම්පත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලූ අවස්ථාවේ සාකච්ඡා වී ඇත.
මෙම පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ…

Array

පෙ.ව 11.00 සිට පෙ.ව 11.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීම සිදු විය.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 442 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර නඩුවක එක් එක් පාර්ශවයකට නඩු තීන්දුවේ හෝ නඩු වාර්තාවේ අවසාන ආඥාවේ එක් සහතික පිටපතක් ගාස්තු අය කිරීමෙන් තොරව ලබා දීම සිදුවේ.

මෙම පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ…

Array

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිවිල් නඩු විධාන සංග්‍රහය පනතට 154(අ) නව වගන්තිය ඇතුළත් කරනු ලබන අතර යම් නීති කෘත්‍යයන්හීදී ඇතැම් ලේඛන විධිමත් ඔප්පු කිරීමෙන් නිදහස් කිරීම සිදුවේ.

මෙම පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ…

Array

අද පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යව්‍ස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද, “විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට නිවේදනය කළේය.

එසේම අද දින අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත (පළමුවර කියවීම) ඉදිරිපත් කරන ලදී. මෙම පනත් කෙටුම්පත මගින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය වන අතර මරණීය දණ්ඩනය හිමිවන, වරද සිදු කළ අවස්ථාවේ වයස අවුරුදු 18ට අඩු වන්නා වූ තැනැත්තකු සම්බන්ධයෙන් අධිකරණය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 53 වැනි වගන්ති විධිවිධාන සලසා ඇති පරිදි දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීම සදහා විධිවිධාන සලසා ඇත.

මෙම පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ…
https://www.parliament.lk/uploads/bills/gbills/gazette/sinhala/6255.pdf

අනතුරුව රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබද නිශ්චිත මාර්ග සිතියමක් ඉදිරිපත් කරන තුරු පාර්ලිමේන්තුව විපක්ෂය විසින් මෙම සතියේ වර්ජනය කරන බව විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් ප්‍රකාශ කොට සභා ගැබෙන් ඉවත් වූහ.

මේ හේතුවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විවාදයට එක්ව පෙ.ව 11.30 සිට පෙ.ව 4.30 දක්වා කාර්මික ආරවුල් කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට එක් වෙමින් අදහස් පළ කළහ.

අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්වූ අතර ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු මංජුලා දිසානායක මහත්මිය විසින් දුම්රිය ඇතුළු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් විමසන ලදී.

ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අර්බුදකාරී තත්ත්වයක වුවද දරුවන්ගේ අධ්‍යාපනයට ඇති බාධා ඉවත් කිරීම සදහා සියලු මන්ත්‍රීවරුන් මෙන්ම පුරවැසියන්ද එක්විය යුතු බවට ගෙනා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය ප.ව 5.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව හෙට (22) පෙ.ව 10.00 දක්වා සභාව කල් තබන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments