22.5 C
Sri Lanka
Wednesday, May 14, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනතාවට තම තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා. විපක්ෂ...

ජනතාවට තම තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (23) පැවසීය.

ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුව ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව කරන ඇත්තන්ට ජන දුක පිළිබඳව පිළිබඳව කිසිදු වගක් නැති බව ද පැවසීය.

ශ්‍රී සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ මෙහෙවරක් කළ ජනසම්මතවාදී ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 98 වන ජන්ම දිනය නිමිතිකොටගෙන “සසුනට අරුණ වැවයි දාගැබයි – ගමයි පන්සලයි” වැඩසටහන අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ  සංකල්පය මත ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම,  නාගොඩ  මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද ” චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීම අද(23)සිදුවිය.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.එම අවස්ථාවට පූජ්‍ය පාද ගරුතර මහා සංඝරත්නය,මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සමගි ජන බලවේගයට ඇත්තේ ඉලක්ක සපුරන වැඩපිළිවෙළක් බවත් ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය  ඇප කැප වෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ආණ්ඩුවකින් මිනිස්සු බලාපොරොත්තු වන්නේ විසඳුම් මිස කරන්නට බැරි අඳෝනාවන් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා,නමුත් දෙවසරක ආණ්ඩුව යටතේ අද ජනතාවට උරුම වී ඇත්තේ දේශපාලන රංගන පමණක් බවද පැවසීය.

දෙකොන දැල්වෙන විලක්කුවක් සේ යුද්ධ දෙකක් තිබූ රටක් භාරගත් රණසිංහ ප්‍රේමදාස මහතා එදා නොහැකියාව සහ බැරිකම ගැන කියමින් නොසිට වැඩ කළ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

වැඩ බැරිකම ගැන අඳෝනා නොකියූ ප්‍රේමදාස මහතා ඒ වෙනුවට වැඩ කරන හැටි පෙන්නු බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ ප්‍රශ්න විසඳන බවට කියා බලය ලබාගත් පාලකයින් රටම ඛේදවාචකයකට තල්ලු වී තිබියදීත් පොදු ජනතාව පෝලිම් වල ලතවෙමින් සිටියදීත් වායු සමීකරණ යන්ත්‍ර දමාගෙන යෝගා කරමින් සිටින බව කී විපක්ෂ නායකතුමා මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මිනිසුන්ගේ දුකට මුවා වී හෝ තමන්ගේ මඩිය තරකර ගැනීම බවද පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments