HomeUncategorizedශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ලෝක ප්‍රකට කිමිදුම් කරුවෝ කීපදෙනකු...

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ලෝක ප්‍රකට කිමිදුම් කරුවෝ කීපදෙනකු එක්වෙති…

ලෝක ප්‍රකට කිමිදුම් කරුවන් කීප දෙනකු, ශ්‍රී ලංකා සමුද්‍රීය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා එක්ව සිටිති

ගෝලීය සංචාරක කර්මාන්තය තුල වර්තමානය වන විට ස්කුබා කිමිදීම (scuba diving), ස්නෝකලිං (snorkeling), මුහුදු දිය මත පාවීම සහ සමුද්‍ර ජීවී අත්දැකීම් වැනි ක්‍රියාකාරකම් ඇතුලත් සමුද්‍රීය සංචාරක වැඩසටහන් සඳහා වැඩි ආකර්ශනයක් හිමිව ඇත. එමගින් සංචාරකයන් හට ස්වාභාවික මුහුදේ ඇති සුන්දරත්වය, දිය යට ඇති පාරිසරික සුන්දරත්වය, ගිලුණු ඓතිහාසික නැව් ගවේෂණය කිරීම ආදී අවස්ථාවන් හිමිකර දෙන අතර, මේ වෙරළබඩ ආර්ථිකයේ වර්ධනයට මෙන්ම සමුද්‍ර සංරක්ෂණයද ප්‍රවර්ධනය කරනු ලබයි. එබැවින් ලොව පුරා පිහිටි සුන්දර සංචාරක ගමනාන්තයන් සංචාරක ආකර්ෂණය සඳහා සිය වෙරළබඩ උරුමයන් ප්‍රදර්ශනය කිරීම, තිරසාර සහ විනෝදාත්මක කිමිදුම් අත්දැකීම් සොයන සංචාරකයින්ගේ උදෙසා සමුද්‍රීය සංචාරක ව්‍යාපෘතීන් හී ආයෝජනය කිරීමට යොමුවී ඇත.

මෙම කරුණු මාධ්‍යට අනාවරණය කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ඉකුත් (12)කොළඹ අයි.සි.ටි.(රත්නදීප) හෝටලයේ පැවැත්විණි. මේ අවස්ථාවට ශ්‍රි ලංකා නාවික හමුදාවේ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු ඉහල නිලධාරින් හා ශ්‍රි ලංකා සංචාරක මණ්ඬලයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ඇතුළු තවත් නිලධාරින් හා අමුත්තන් එක්ව සිටියහ. සංචාරක් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මෙම කිමිඳුම් අත්දැකීම් ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව බලධාරින් පැවැසු අතර මේ සඳහා නිල වෙබ් අඩවියක් විවෘත කිරීමද සිදුකෙරිණි.

ගෝලීයව නිර්මාණය වී ඇති මෙම නව ප්‍රවණතාවයට අනුගත වෙමින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) විසින් සර්බියානු ජාතික කීර්තිමත් කිමිදුම්කරුවන් තිදෙනෙකු වන Mr. Janez Kranjc, Ms. Ivana Orlovic Kranjc සහ Ms. Dorotea Dikic යන මහත්ම මහත්මීන් හට මෙරට සංචාරයකට ආරාධනා කර ඇත. මෙම ආරාධනයට අනුව ඔවුන් විසින් මාර්තු මස 06 වැනි දින සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ වෙරළ තීරය තුල ඇති සුවිශේෂී සහ ඓතිහාසික නැව් ගිලී ඇති ස්ථානයන් නිරීක්ෂණය කිරීමට නියමිතය. මෙම වැඩසටහන ඔස්සේ කොළඹ, මීගමුව, මිරිස්ස, කිරිඳ සහ ගාල්ල යන ප්‍රදේශ ඇතුලත්ව සිදු කරනු ලබනියි.

විශේෂයෙන් මෙම සමුද්‍රීය ජල යට සිදු කරන ගවේෂණය තුළින්, ශ්‍රී ලංකාව කිමිදුම් කාර්යයන් සඳහා තැති එත ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මූලික අරමුණ වේ. එහිදී මෙම කීර්තිමත් සර්බියානු කිමිදුම්කරුවන් විසින් ලාංකීය සමුද්‍රීය කිමිදුම් කාර්යය සඳහා ඇති සුවිශේෂී බව ඉස්මතු කරනු ඇත. විශේෂයෙන් මෙහි ඇති දියබත් වූ ඓතිහාසික නැව්, සමුද්‍රීය ජීවී වාසස්ථාන සහ සමුද්‍ර පද්ධතිවල විවිධත්වය ආදී සුවිශේෂී අංගයන් ඉස්මතු කරමින් වික්‍රමාන්විත සහ මුහුදු කිමිදුම් කරුවන් සඳහා ජාත්‍යන්තර මුහුදු කිමිදුම් ලොලීන් වෙත උත්තේජනයක් සහ උද්යෝගයක් ඇති කිරීම සිදුකරයි.

මෙයට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව මෙම කීර්තිමත් කිමිදුම් කරුවන් අත්දැකීම් සමඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන්ගෙන් යුතු නව ශ්‍රී ලංකා නාවික හමුදා වෙබ් අඩවිය එළි දැක්වීමට ද නියමිතය. තවද දේශීය මෙන්ම ගෝලීය සංචාරකයන් ඒකාබද්ධ කරමින් ඔවුන් වෙත ගෙනගොස් ප්‍රවර්ධන කාර්යය සඳහා මෙම අන්තර්ජාලයත් එකම දිනයේදී SLTPB හී නිල වෙබ් අඩවියේදී පළකිරීම තුළින් මෙම ප්‍රවර්ධන කාර්යය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ඇති මෙම සහයෝගීතාවය තුලින් තිරසාර සමුද්‍රීය සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ ලොව ඉදිරියට ශ්‍රී ලංකාවේ ජලය යට උරුමය ප්‍රදර්ශනය කිරීම සඳහා ඇති එකමුතුවවේ කැපවීම මතු කර පෙන්වාදෙයි.

අනුර ප්‍රේමලාල්

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments