HomeBUSINESSවාහන නිෂ්පාදනය මිලියන 100 පසු කළ එකම චීන සමාගම වන SAIC සමඟින්...

වාහන නිෂ්පාදනය මිලියන 100 පසු කළ එකම චීන සමාගම වන SAIC සමඟින් IM Motors සිය ගමන ශක්තිමත් කරයි’…

ලොව පුරා වාහන මිලියන 100ක් බෙදාහරිමින් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට SAIC Motor සමාගම සමත් වෙයි. චීන මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසය තුළ මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කළ ප්‍රථම සමාගම වන්නේ SAIC සමාගමයි. ශ්‍රී ලංකාව තුළ Evolution Auto සමාගම විසින් නියෝජනය කරනු ලබන IM Motors සන්නාමය පිටුපස ඇති නිෂ්පාදන බලය සහ ශක්තිමත්භාවය මෙම ඓතිහාසික සන්ධිස්ථානය මගින් තහවුරු වේ.

SAIC සමාගමේ මිලියන 100 වන සන්ධිස්ථානය සනිටුහන් කරමින් නිෂ්පාදනය කරනු ලැබුනේ IM Motors LS9 Hyper රථයයි. SAIC සමාගමේ ඊළඟ පරම්පරාවේ ප්‍රධානතම සුඛෝපභෝගී විද්‍යුත් වාහන සන්නාමයක් ලෙස IM Motors සතු සුවිශේෂී ස්ථානය මෙයින් මැනවින් පිළිබිඹු වේ. එමෙන්ම, නවීන බුද්ධිමත් මෝටර් රථ තාක්ෂණ (intelligent mobility) ක්ෂේත්‍රය වෙනුවෙන් එම සමාගම සතු අඛණ්ඩ කැපවීමද මෙයින් පිළිබිඹු වේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Evolution Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා, “SAIC Motor සමාගම වාහන මිලියන 100ක් බෙදාහැරීමේ ඉලක්කය සම්පූර්ණ කිරීම කියන්නේ දශක ගණනාවක ඉංජිනේරු විශිෂ්ටත්වය, ඉහළ නිෂ්පාදන හැකියාව සහ පාරිභෝගික විශ්වාසය මැනවින් පෙන්වන ජයග්‍රහණයක්. SAIC වැනි ලොව දැවැන්තම මෝටර් රථ නිෂ්පාදකයෙක් IM Motors සන්නාමය පිටුපස සිටීම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ලොකු විශ්වාසයක් ලබා දෙනවා. ජාත්‍යන්තර මට්ටමින් ඔවුන් සතු ශක්තිය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටත් උපරිමයෙන්ම ලබා දෙන්න Evolution Auto සමාගම විදිහට අපි සූදානම්. ඒ වෙනුවෙන් ඉහළම මට්ටමේ අලෙවියෙන් පසු සේවාවක්, විශ්වාසවන්ත අමතර කොටස් ලබා දීම මෙන්ම සෑම IM Motors වාහන හිමිකරුවෙකු වෙනුවෙන්ම දිගුකාලීන කැපවීමක් සහ විශ්වාසවන්ත දේශීය සහයෝගයක් ලබා දීමට අපි බැඳී සිටිනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.
මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 70කට වැඩි දිගුකාලීන අත්දැකීම් සහිත SAIC Motor සමාගම, අද වන විට ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයෙක් බවට පත්ව ඇත. ජාත්‍යන්තරව පිළිගත් විවිධ වාහන සන්නාමයන්, ප්‍රබල ව්‍යාපාරික සබඳතා මෙන්ම නවීන තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීය විද්‍යුත් වාහන රැසක් හඳුන්වා දෙමින්, ඔවුන්ගේ වාහන මේ වන විට ලොව පුරා රටවල් සහ කලාප 170කට වඩා වැඩි ප්‍රමාණයක අලෙවි කරනු ලබයි.
IM Motors සන්නාමය පිටුපස ඉහළ නිෂ්පාදන හැකියාවන්ගෙන්, අත්දැකීම් බහුල ඉංජිනේරු තාක්ෂණයෙන් සහ නව සොයාගැනීම් වෙනුවෙන් දිගුකාලීන කැපවීමකින් යුත්, ලොව පිළිගත් මෝටර් රථ නිෂ්පාදකයෙකු සිටින බව මින් තහවුරු වෙයි.
ශ්‍රී ලංකාව තුළ IM Motors වාහනවල නිල බෙදාහරින්නා වන Evolution Auto සමාගම, මෙම ජාත්‍යන්තර ශක්තිය දේශීය වශයෙන් තවදුරටත් බලගන්වයි. වාහන අලෙවිය, අලෙවියෙන් පසු සේවාවන්, විශ්වාසවන්ත මුල් අමතර කොටස් සහ උසස් තාක්ෂණික දැනුම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට ඔවුන් කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළඳපොළ වේගයෙන් දියුණු වෙමින් පවතින මේ වටපිටාව තුළ, මෙම සුවිශේෂී ජයග්‍රහණය ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉහළම අත්දැකීම් බහුල නිෂ්පාදකයෙකුගේ ශක්තිමත් දායකත්වය සහිත, ඉහළම ප්‍රමිතියෙන් යුත් විද්‍යුත් වාහන සන්නාමයක් ලෙස IM Motors සතු සුවිශේෂීත්වය මෙයින් තහවුරු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments