22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්තඹුත්තේගම නිරාවිය යුධ හමුදා ගොවිපලේදී අක්කර 500ක බඩඉරිගු වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ...

තඹුත්තේගම නිරාවිය යුධ හමුදා ගොවිපලේදී අක්කර 500ක බඩඉරිගු වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතව ඇත‍.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක් ලෙස හරිත කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව
ආරම්භ කිරීමට වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඉකුත් දින කටයුතු කළේය.

එහිදී ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඬලය සහ
ශ්‍රී ලංකා යුද හමුදාව තුළ ස්ථාපිත කෘෂිකර්ම සහ පශු සම්පත් බලකාය විසින් මෙම ක්‍රියාන්විතය දිවයින පුරා පිහිටි යුධ හමුදා ගොවිපල 16 ක් තුළ ක්‍රියාත්මක කරමින් පවතින අතර එම වගා කටයුතු සිදු කරනු ලබන ඉඩම් ප්‍රමාණයේ ධාරිතාවය වර්ධනය කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශය සතු වගා නොකළ ඉඩම් අක්කර 1063 ක ප්‍රමාණයක් මේ වන විට ලබාගෙන ශ්‍රී ලංකා යුද හමුදාව වගා කටයුතු සිදු කරමින් පවතී.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ මගපෙන්වීම සහ පූර්ණ අධීක්ෂණය යටතේ ආහාර සුරක්‍ෂිතතාවය ශ්‍රී ලංකාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් සහ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමින් සමන්විත නිලධාරීන් සමඟ කටයුතු කරමින් යුද්ධ හමුදා භට පිරිස්
මෙම ජාතික කර්තව්‍යයට සිය පූර්ණ දායකත්වය ලබාදෙමින් සිටී.

ශ්‍රී ලංකා යුධ යුද හමුදාව විසින් අක්කර 500 ක බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමට කටයුතු සිදුකර ඇති අතර එහි පලවෙනි අදියර ලෙස (27) දින තඹුත්තේගම පිහිටි නිරාවිය යුධ හමුදා ගොවිපලේ අක්කර 100 ක ප්‍රමාණයක බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ජාතියේ ආරක්‍ෂකයින් ලෙස වර්තමාන ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව යුද හමුදාව සිය පූර්ණ දායකත්වය ලබාදෙමින් පවතී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments