26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 පැමිණිලි නව දුරකතන අංක වෙත යොමු කිරීම.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 පැමිණිලි නව දුරකතන අංක වෙත යොමු කිරීම.

රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම හේතුවෙන් 1913 මෙහෙයුම් මැදිරිය වෙත යොමු කරනු ලබන මහජන පැමිණිළි නව දුරකථන අංක වෙත යොමු කිරීම.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් රාජගිරිය, කෝට්ටේ පාර, අංක 353 ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරිය වෙත 1913 දරණ දුරකථන අංකය ඔස්සේ ලැබෙන මහජන පැමිණිළි ( 27) සිට නැවත දැනුම්දෙන තුරු පහත සඳහන් දුරකථන අංක වෙත යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

රටෙහි පවතින ආර්ථික අර්බුදය සහ නිලධාරීන්ගේ ගමනාගමන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු ඔබ ප්‍රදේශයේ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය වෙනුවට පහත සඳහන් දුරකථන අංක වෙත යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

075 – 232 74 83 / 071 – 634 52 91 / 072 – 208 75 84 / 077 – 450 02 90
071 – 795 47 29 ( දෙමල මාධ්‍ය )

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments