28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. දැලේ

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. දැලේ

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනෙකු බෙන්තොට දී විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ගෝනහේන කඳවුරේ පො.ප. එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) බෙන්තොට පොලිස් වසමේ බෙන්තොට පාලම අසල දී ඉතා කෙටි කාලයක් තුල ජීවිත විනාශ වන විනාශකාරී මත්ද්‍රව්‍යක් වන අයිස් සහ හෙරොයින් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31, 33, සහ 34 ක පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

එහිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208ක්,හෙරොයින් ග්‍රෑම් 18 ක්, මුදල් රුපියල් 150,000.00 ක්, ත්‍රී රෝද රථයක් ,ජංගම දුරකථන 04ක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments