23.3 C
Sri Lanka
Saturday, August 9, 2025
HomeTOPරුපියල් හතළිස් හත් මිලියන දෙලක්ෂ එකලොස් දහසක් වටිනා ග්‍රෑම් 2098 ක්...

රුපියල් හතළිස් හත් මිලියන දෙලක්ෂ එකලොස් දහසක් වටිනා ග්‍රෑම් 2098 ක් බර රත්තරන් තොගයක් රේගු දැලේ.

Fly Dubai ගුවන් සේවයේ අංක FZ659 දරණ ගුවන් යානයෙන් (02) උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියකු නීති විරෝධි ව රැගෙන එන ලැබු රත්තරන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල සේවයේ නියුතු නිලධාරීන් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

එම රත්තරන් තොගය තුල රත්තරන් බිස්කට් 16 ක් සහ උණු කරන ලද රත්තරන් කැබලි 4 ක් තිබුණ අතර එහි මුළු බර ග්‍රෑම් 2098 ක් බව සොයා ගෙන ඇත. මෙම රත්තරන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් හතළිස් හත් මිලියන දෙලක්ෂ එකලොස් දහසක්වේ.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ රේගු පරීක්ෂණයෙ දී එම රත්තරන් තොගය රාජසන්තක කොට සැක කරුට රුපියල් පනස් දහසක දඩයක් නියම කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments