23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඉන්ධන , පාසැල් ළමුන් මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරමුන් සහ ගයියා නැමැති සංවිධානාත්මක...

ඉන්ධන , පාසැල් ළමුන් මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරමුන් සහ ගයියා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික එස්.ටි.එෆ්.දැලේ

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ඉන්ධන ගබඩා කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක ආර්.ඒ.එස්.ආර්. රාජපක්‍ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) දොම්පේ පොලිස් වසමේ දෙමිදු, හැලුම්මහර, දෙකටන ලිපිනයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස බැරල් 05 ක ඩීසල් ලීටර් 950ක් ගබඩා කල දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවු: 54ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඩීසල් තොගය සමග දොම්පේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් මෙම ඩීසල් වල වටිනාකම රුපියල් හාරලක්ෂ තිස්හත්දහසක් ⁣ පමණ වෙි

පාසැල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය අලවි කිරිමට උත්සාහකළ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයට ලබුණු තොරතුරකට අනුවවිශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැලිකඩ
පොලිස් වසමේදි උප පොලිස් පරික්ෂක ඒ.ඩි.කේ චින්තක නිළධාරියා ඇතුලු නිළධාරින් කන්ඩායමක්
(01) රාජගිරිය ජනාධිපති විද්‍යාලය අසල මාර්ගයේදී පාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලවි කිරිම සදහ සව් කොල වල ඔතන ලද කේරළ ගංජා ග්‍රෑම් 32 යි මිලි ග්‍රෑම් 68 ක් සන්තකයේ තබා ගෙනසිටි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන සැකකරු හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශණ කටයුතු සදහා වැලිකඩ පොලිස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

සංවිධානාත්මක අපරාධ සිදු කරමින් සැඟව සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් අනුව විශේෂ මෙහෙයුම් භාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරික්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන විශේෂ මෙහෙයුම් අංශ 1 ට අනුයුක්තව රාඡකාරි කරනු ලබන පොලිස් පරික්ෂක එච්.ඒ.කේ පීරිස් නිලධාරියා හට ලැබුණු තොරතුරකට අනුව (01) හංවැල්ල පොලිස් වසමේ අංක 183, ජල්තර, හංවැල්ල ලිපිනයේ පිහිටි නිවසක්තුලදී සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට විදෙස්ගතව සිටින සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් පුකා චමින්ද යන අයගේ ප්‍ර‍ධාන ගෝලයෙකු වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක ගයාන් මධුශංක අත්තනායක නොහොත් ගයියා නැමැති අනුවර්ථන නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයකු හෙරොයින් සමග අත්අංඩගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට මිය ගොස් සිටින කනත්ත ගමගේ ඉදුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තාට වෙඩි තබා බරපතල තුවාල සිදු කර ඔහු සමග සිටි චූටි මල්ලී නැමැත්තා කපාකොටා ඝාතනය කිරීමේ ප්‍ර‍ධාන සැකකරුවෙකු වන අතර ප්‍රදේශයේ මහපරිමාන ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් මුදල් ලබා ගනිමින් හා සංවිධානාත්මක අපරාධ සිදු කරමින් සිට ඇත.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍ර‍ෑම් 200 ක ප්‍රමානයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා හංවැල්ල පොලිස්ථානය වෙත භාරදී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments