25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධිව රැස්කළ පෙට්ට්‍රල් ලීටර් 27001ක්, ඩිසල් ලිටර් 56,323ක්, භූමිතෙල් ලීටර් 13195ක්...

නීතිවිරෝධිව රැස්කළ පෙට්ට්‍රල් ලීටර් 27001ක්, ඩිසල් ලිටර් 56,323ක්, භූමිතෙල් ලීටර් 13195ක් පොලිසිය මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ඉකුත් සමයේ දිගටම බලපත්‍ර නැතිව නීති විරෝධිව ඉන්ධන ජාවාරම් වැටලීම් සිදුකරමින් සිටින අතර (03) කිලිනොච්චි පොලිස් වසමේ කරඩිබෝක්ක කියන ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට වයස අවුරුදු විසිපහක අයකු සමග විශාල ඉන්ධන තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානයේ ඩීසල් ලීටර් 6400ක්, පෙට්ට්‍රල් ලිටර් 200ක්, භූමි තෙල් ලිටර් 25ක්. බැරල් තිස්පහක ඔහු මෙම ඉන්ධන ගබඩා කර තිබුණා. තවත් වැටලිම් 13ක් දිවයින පුරා සිදුකොට සැකකරුවන් 13ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් භාරයේ තිබි ඩිසල් ලිටර් 1780ක්, භූමිතෙල් ලිටර් 950ක් සොයාගෙන තිබෙන අතර මේ දක්වා දිවයින පුරා සිදුකළ වැටලිම්වලින් පෙට්ට්‍රල් ලීටර් 27001ක්, ඩිසල් ලිටර් 56,323ක්, භූමිතෙල් ලීටර් 13195ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැවැටලිම් 953ක් සිදුකර මෙම ඉන්ධන හා සැකකරුවන් 884ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජනතාව අපහසුතාවයට පත්වි තිබෙන මෙම අවස්ථාවේ ඉන්ධනහල්වලට ලැබෙන මෙම ඉන්ධන මේ ආකාරයට රැගෙන ගොස් නීතිවිරෝධිව එක්රැස් කරමින් අධික මිලගණන්වලට අලෙවි කිරිමේ ජාවාරම්වල යෙදෙන්න එපා ඔබ ගැන තොරතුරක් ලැබුණොත් නීතියට පමුණුවා දැඩි දඬුවම් ලබාදෙන්න පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments