ස්විට්සර්ලන්තයේ පැවති RESESPRINT මලල ක්‍රීඩා සූරතාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.96 න් අවසන් කරමින් යුපුන් අබේකෝන් තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණා.
මලල ක්‍රීඩා ඉතිහාසයට අමතක නොවන දිනයක් එක් කරමින් දකුණු ආසියානු කෙටිදුර ශූර යුපුන් අබේකෝන් 42 වැනි Resisprint International Championship හි මීටර් 100 අවසන් තරගය තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
ඒ සමඟින් තත්පර 10 කඩඉම පසු කර ගිය එකම ශ්‍රී ලාංකික මෙන්ම දකුණු ආසියානු කෙටිදුර ධාවකයා වන්නේ ද ඔහු වීම ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම ආඩම්බර විය හැකි කරුණක්.
මෙම දක්ෂතාවය සමඟින් යුපුන් ආසියාවේ හොඳම දක්ෂතා වාර්තා කළ ක්‍රීඩකයින් අතරින් සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම ද සුවිශේෂී කරුණක්.
පසුගිය කාලවකවානුවේ දී අඛණ්ඩව දක්ෂතා දක්වමින් කෙටිදුර ධාවන පිටියේ දක්ෂතා දැක්වූ ඔහු ජූලි 1 වැනිදා පැවති Stockholm Diamond ලීගයේ මීටර් 100 ඉසව්ව තත්පර 10.21ක කාලයකින් අවසන් කළේ සිව්වැනි ස්ථානය සඳහා හිමිකම් කියමිනුයි.
එමෙන්ම මෙම වසරේ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඔස්සේ යුපුන් සුදුසුකම් ලබා ගන්නට සමත් වුනේ ප්‍රසාද ලකුණු 1239ක් සමඟ 42 වැන්නා බවට පත්වෙමිනුයි. එම ඉසව්වට සුදුසුකම් ලැබූ මුළු ක්‍රීඩකයින් ගණන 48ක්.
දිනෙන් දින දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තරයේ බබළවන යුපුන් අබේකෝන් හට Top News Asia වෙතින් උණුසුම් සුබ පැතුම්.