29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය, වැලි, කැලෑ ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය, වැලි, කැලෑ ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ආර්.ඒ.ඩී.සී.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) කල්මුණ පොලිස් වසමේ කල්මුණ වෙරළ මාර්ගයේ අල් ෆලා ක්‍රීඩාංගනය අසල දී වැටලීමක් සිදුකර ඇත.
හෙරොයින් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කළ වයස අවුරුදු 32ක කල්මුණකුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්මුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමෙිදී හෙලිවීඇත්තෙ මහපරිමානයේ හෙරොයින් ජාවාරම් කරුවන් විසින් ලබාදෙන හෙරොයින් කල්මුණ කාත්තන්කුඩි මඩකලපුව ප්‍රදේශයේ වල ගැනුමි කරුවන්ට දිර්ඝ කාලයක් මුළු ල්ලේ බෙදාහැරීම සිදුකරන බවත් ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහ ඉදිරි විමර්ෂන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදුකරනු ලබයි
 
එහිදි හෙරොයින්  ග්‍රෑම් 20, මි.ග්‍රෑ. 50 යි,යතුරුපැදි (EP BFR 5296)  01ක, ජංගම දුරකථන 01ක් අත් අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාර තුලට තහනම් මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කල රැදවියකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ රාජකාරී යෙදී සිටින උප පොලිස් පරික්ෂක පී.ජී. ලොකුහෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) බන්ධනාගාර රැඳවියන් හා කාර්ය මණ්ඩලය සෝදිසි කරන ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර හෙරොයින් සන්තකයේ තබාගැනීමෙි වරදකට රක්ෂිත බන්ධනාගාර ගත කල වයස අවුරුදු 28ක බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බන්ධනාගාර හා පරිශ්‍රය අවට පිරිසිදු කිරිමි සදහ යොදවා නැවන බන්ධනාගාරය තුලට ඇතුල්කිරිමෙිදි ගුද මාර්ගයේ බීඩී 09 ක් සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කිරිමෙිදී අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා දවසේ කාර්යභාර ජේලර්වරයා වෙත ඉදිරිපත් කර ඇත. එහිදි බීඩී 09ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලිම් (03)පූගොඩ කඳවුරේ නිලධාරින් කණ්ඩායම් නීති විරෝධි මත්පැන් ලීටර් 33.750ක් ළඟ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් යුධහමුදා බුද්ධි අංශය මගින් ලැබුණු තොරතුරකට අනුව එම පොලිස් වසමේදි මි.මි.130 ප්‍රමාණයේ ආටි උණ්ඩයක් සොයාගෙන ඇත. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව ප්‍රවාහනය කරමින් සිටි අයකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ කඳවුරේ නිලධාරී පිරිසක් පොතුවිල් පොලිස් වසමේ සෙගමුව රක්ෂිතයේ අනවසරයෙන් රජයේ කැළයට ඇතුළුවි හිං දෙමට කඳන් කපා රැගෙන යමින් සටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේ සෙගමුව රක්ෂිතයේ අනවසරයෙන් රජයේ කැලයට ඇතුළුවි බලපත්‍ර නැතිව අක්කරයක පමණ කොටසක් එළිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවටගෙන ඇත.කල්මුණ කඳවුරේ නිලධාරි පිරිසක් කල්මුණ පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම් 20.050ක් ළඟ තබාගෙන ප්‍රවාහනය කරන ලැබු අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කල්මුණේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ අත්අඩංගුවට ගැනිමට යැමේදි සැකකරු ස්ථානය හැරදමා පලා ගොස් ඇති අතර සැකකරුගේ යතුරු පැදිය හා එහි තිබු හෙරොයින් ග්‍රෑම් 1,490ක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments