21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 67 ක් නැගෙනහිර මුහුදේදී...

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 67 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ අද (2022 ජුලි 08) අළුයම සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.   

අනවසර සංක්‍රමණ ඇතුළු මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 ජුලි 08) අළුයම  සිදුකළ මුර සංචාරයකදී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ සිටි නීති වි‍රෝධීව මුහුද මඟින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරම්කරුවන් 06 දෙනෙකුද සමඟ පිරිමි පුද්ගලයන් 53 ක්, කාන්තාවන් 06 ක් සහ ළමුන් 08 ක් ඇතුළු පුද්ගලයින් 67 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී.   

මෙලෙස නාවික හමුදාව භාරයට ගත් පිරිස වයස අවුරුදු 01 ත් 56 ත් අතර පසුවන මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතය.

තවද, මිනිස් ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර තම ජීවිත අවදානමකට ලක්කර ගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments