26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලිට්‍රෝ ගෑස් අඛණ්ඩව අද(11) සිට වෙළෙඳපොළට බෙහැරීමට කටයුතු යොදා තිබෙනවා -...

ලිට්‍රෝ ගෑස් අඛණ්ඩව අද(11) සිට වෙළෙඳපොළට බෙහැරීමට කටයුතු යොදා තිබෙනවා – සභාපති මුදිත පීරිස්

අත්‍යාවශ්‍ය සේවා වන රෝහල්, හෝටල් , ආදහනාගාර හා සමානව පොදුජනතාවට ද ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව බෙදාහැරීම ඊයේ (11) දහවල් සිට ආරම්භ කෙරුණු අතර එය ඉදිරි දින දෙකේදී එක්ලක්ෂ විසිදහස බැගින් සිලින්ඩර බෙදාහැරීමට සැලසුම් කර තිබෙන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.

මෙහිදි වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වන ඒ් මහතා මෙසේද කීය…. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක උපරිම මිල රුපියල් 4910ක්,කිලෝ ග්‍රෑම් පහේ සිලින්ඩරයක මිල රුපියල් 1971ක්, කිලෝ ග්‍රෑම් 2.3සිලින්ඩරයක මිල රුපියල් 914ක්වේ. දැනට ලෝකයේ තිබෙන ගෑස් මිල අනුව අපිට රුපියල්පනහක් වැඩිකළාම හොඳටම ප්‍රමාණවත්. ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයා වාසනාවන්ත වෙනවා අඩු මිලකට ගෑස් මිලදී ගැනීමට හැකිවීම ගැන. මෙය කොළම මූලික කරගෙන සිදුකරන මිලවේ. ඊයේ (11) දහවල් 12.30ට ගෑස් බෙදිම ආරම්භ කොට සිලින්ඩර තිස්දහසක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදාහැරීම ආරම්භ කරන අතර අද(12) අසුදහසක් පමණ කොළඹට ගෑස් බෙදීම සිදුකෙරෙනවා.

ඒ් අනුව හෙට(13) සිට පිටපළාත්වලටද ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුකෙරේ. වැඩිමිලට හෝ වෙනත් පාර්ශවයන් මගින් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මිලදි ගැනිමෙන් වළකින ලෙස සමාගම පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි. පෝලිම්වල රස්තියාදු වෙන්න එපා කියලත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අවශ්‍ය ගෑස් බෙදාහැරීමට කටයුතු කිරීමට ලිට්‍රෝ සමාගම අවශ්‍ය ඇණවුම් සිදුකර තිබෙනවා. මුල් නැව්වල ගාස්තු සිදුකර අවසන් අතර ලෝකබැංකු ආධාර යටතේ ගෑස් සැපයුම් කරු සමග අවශ්‍ය ගිවිසුම්ද ඇතිකරගෙන තිබෙන නිසා ලබන (31)වනවිට ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකියාව තිබෙන බව ප්‍රත්‍යක්ෂ කළ හැකියි.

මේවනවිට අපි කිව්වා වගේම මෙට්‍රික් ටොන් 3759ක නැවක් පැමිණියා. මෙට්‍රික් ටොන් 3200ක තව නැවක් (16) රත්‍රී මෙරටට පැමිණීමට නියමිතයි. එමෙන්ම මෙට්‍රික් ටොන් විසිදහසක ගෑස් නැවක් මාලදියින මුහුද වෙත ළඟාවෙමින් තිබෙනවා. පසුව (20) සිට(31) දක්වා තවත් නැව් හතරකින් කෙරවළපිටියට ගෑස් ගෙන ඒ්මට බලාපොරොත්තු වෙනවා. ලබන (31)වනවිට මෙට්‍රික් ටොන් තිස්තුන්දහසක් ගෑස් මේ ආකාරයට ගෙන ඒ්මට කටයුතු සූදානම් කර තිබෙනවා.

ගෑස් මිල රුපියල් දෙසීයකින් වැඩිකරන්න ඉල්ලුවත් දැන් එය රුපියල් පනහකින් පමණක් කොළඹ මිල වැඩිකරන්න කටයුතු යොදා තිබෙන අතර පිටපළාත්වලට යනවිට සුළු ප්‍රවාහන ගාස්තුවක් මීට එකතුවේ. වැඩිමිලට ගෑස් සිලින්ඩර ගන්න එපා අපිට ලබන ඔක්තොම්බර් මාසය වෙනකල් ගෑස් තිබෙනවා.

මෙහිදි එම සමාගමේ නිවේදනයක දැක්වෙන්නේ. අනවශ්‍ය තොගරැස් කිරීම් වැළැක්වීම සඳහා ගෑස් මිලදි ගන්නා අවස්ථාවේදී මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලීමක් කෙරේ. ගෑස් මිලදී ගත හැකි මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සමාජමාධ්‍ය සහ ලිට්‍රෝ වෙබ් අඩවියෙන් ජනතාවට දැනුම් දෙනු ලැබේ.

ගෑස් සිලින්ඩර බෙදාහැරීම ශ්‍රී ලංකා පොලිසිය , විශේෂ කාර්ය බලකායේ සම්බන්ධිකරණය මගින් සිදුකරනු ලබන අතර ඒ් සඳහා ජනතාවගේ සහයෝගය ලිට්‍රෝ සමාගම ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments