පාර්ලිමේන්තු සංකීර්ණය අත්පත් කරගැනීමට පැමිණි ප්‍රචණ්ඩකාරි පිරිසක් එම ස්ථානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි හමුදා සබෙළුන් දෙදනකුට ඉතා දරුණු හා අමාණුෂික ලෙස යකඩ මුගුරු සහ පොලු ආදිය උපයෝගි කරගනිමින් සිහිසුන් වන තුරු පහරදී එම සෙබළුන් සතු ටි 56 ස්වයංක්‍රීය ගිනි අවි දෙක පතුරම් ගැබ් දෙකක් සමග පැහැර ගැනීම බරපතල නීති විරෝධි ක්‍රියාවන් වක් වන අතර එය මහජනතාවගේ ආරක්ෂාවටද දැඩිතරජනයක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම හමුදා සෙබළුන් දෙදනාගේ මුහුණට සහ හිසට දැඩි ප්‍රහාර එල්ලවි ඇති අතර දැනට ඔවුන් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් යුතුව රෝහල් ගත කර ඇත. මේ අයුරින් පොලිස් ආරක්ෂක හමුදා සමාජිකයන්ට පහරදීම හා තරුණ ප්‍රජාව මෙවැනි අනීතික කටයුතු සඳහා පෙළඹවාගෙන මහජන දේපල හානි කිරීම හා මහජනතාවට පීඩාවන අයුරින් කටයුතු කිරීම සාමන්‍ය ජනජීවිතයට තර්ජනයක් වන බව ආරක්ෂක ලේකම් තරයේ අවධාරණය කරයි.ඒ් අනුව මෙවැනි ක්‍රියා වළක්වා රටෙහි සා මන්‍ය තත්ත්වය ස්ථාපිත කරලීම උදෙසා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක මාණ්ඬලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස් පතිහට සියලු උපදෙස් හා නියෝග ලබාදී තිබේ.
මේ අනුව මහජන ආරක්ෂක ආ:ඥා පනත යටතේ පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට බලය ලබාදී ඇති අතර ඒ් අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ යටතේ අවශ්‍ය කටයුතු සිදුකර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ලබන බව මහජනතාව වෙත දැනුම් දෙයි.