ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා පැවසුවේ, 2022 ජුලි 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධුරයෙන් නීත්‍යනුකූලව ඉල්ලා අස්වී ඇති බවයි.
ඒ අනුව මෙතැන් සිට නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වන බවත් එම ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බව ද කතානායකවරයා සඳහන් කළේ ය.
කතානායකවරයා සිය ප්‍රකාශයේදී වැඩිදුරටත් සඳහන් කළේ, නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම 1981 අංක 02 දරණ ජනාධිපතිවරයා තරා පත්කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ඇති බවයි.
ඒ අනුව මේ මස 16 වන සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස්වන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ඊට සහභාගී වන ලෙසත් කතානායකවරයා දැනුම් දුන්නේ ය.
මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලු පක්ෂ නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන්
ඉල්ලා සිටි කතානායකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘදසාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම් සඳහා සහභාගී වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකර දෙන ලෙසයි.
එවැනි සාකාමී වාතාවරණයක් තුළ සියලු වගකිවයුත්තන්ගේ සහයෝගය ඇතිව දින හතක් වැනි කෙටි කාලයක් තුළ මෙම ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ ය.